වාහනය එන්නටත් කලින් ඩලස්ගෙන් රෙපෙයාර් බිල්

යෞවන කටයුතු හා වෘත්තීය පුහුණු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා තම නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් 29,40,000ක් වටිනා වාහනයක් ආනයනය කර තිබෙනවා.

නමුත් එම වාහනය රේගු බදු ගෙවා එය ලබාගැනීමටත් පෙර වාහනයේ අලූත්වැඩියා ගාස්තු ලෙස රුපියල් 250,000ක බිලක් ඉදිරිපත් කර තිබෙනවා.

ජූනි මාසයේ අනතුරට පත්වීමෙන් වාහනයේ අලූත්වැඩියා කටයුතු වෙනුවෙන් ඇමතිවරයා රුපියල් ලක්ෂ 08ක් අරන් තිබෙන බවත් ඒ වාහන සම්බන්ධයෙන් පිටු 43ක තොරතුරු තිබෙන බවත් "දූෂණ විරෝධී හඬ" නම් සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසනවා.

තවද ඇමතිවරයා විසින් ඒකාංගික ටෙලිනාට්‍යක් වෙනුවෙන් රු. 864,121 ක් වියදම් කර තිබෙන බවත් තවම පෙන්වා නැති එම නාට්‍යය වෙනුවෙන් ගෙවීම් කර අවසන් බවද ඔවුන් පෙන්වාදෙනවා.

(from gossip 9)