මිට සුවල්ප වෙලාවකට පෙර පානදුර මහේස්ත්‍රාත් අදිකරණ බුමියේ සිදුවූ පැහැර ගැනීමක්.



  අද එනම් 2012.05.25 දින දවල් 12.45 ට පද්මා වර්ණසුරිය මහත්මියගේ සැමියා වූ යු. එල්. පත්මසිරි යන අයව පානදුර පොලිසියේ නිලදාරීන් පානදුර මහේස්ත්‍රාත් අදිකරණ බුමියේදී ඇද ජීප් රථයකට දමා ගෙන ගොස් ඇත. පානදුර පොලිසියේ මිරාන්, හේරත්, හා රණවක යන පොලිස්කාරයින් මෙම අපරාදය සිදු කර ඇත. ඥාතීන් ඔහුව බැලීමට පානදුර පොලිසියට ආවත් එයට නයනජිත් නමැති පොලිස් නිලදාරියා ඉඩ දී නැත. උදේ 10 සිට පත්මසිරි අදිකරණයේ සිට ඇත. මෙය සිදුව ඇත්තේ ඔහුගේ නඩු දෙක කෑමෙන් පසුව ගැනීමට තැබූ අවස්ථාවේ තේකක් බිමට එලියට පැමිණි අවස්ථාවේදීය. ඔහු වෙනුවෙන් මහේස්ත්‍රාත් අදිකරණයේ පෙනී සිටින්නේ නීතිඥ අනුර දීපාල් මහතාය. ඔහුගේ නඩු වල අංකයන් 94037 සහ 96274 වේ. ඔහුගේ බිරිද අදිකරණ බුමියේදී පැහැරගත් තම සැමියාව වහාම අදිකරණයට ඉදිරිපත් කරන ලෙසත් වියාජ චෝදනා නගා නඩු පැවරීම නතර කරන ලෙසත් මානව හිමිකම් කොමිසමෙන්, පොලිස්පතිගෙන් සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරිගෙන් දැඩිව ඉල්ලා සිටි.