සමත මණ්ඩලයට යොමුකළ පැමිණිල්ල බොරු නඩුවකින් කෙළවර වේද?



හර්ෂි සි. පෙරේරා

ඔහු නමින් මලාවි ආරච්චිගේ විමලදාස වේ. වයස අවුරුදු 63 කි. විවාහක දරුවන් 04 දෙනෙකුගේ පියෙකි. රැකියාව තේ දළු කැඩීමයි. මගුරුවෙල කපුගෙදර මොල්කාවේ පදිංචිව සිටි. ඔහුට අයත් ඉඩමක ඇල්බීසියා ගසක් කැපීම පිළිබද ආරවුලට අදාල පැමිණිල්ල බදුරලිය පොලිසිය විසින් සමත මණ්ඩලයට යොමු කර තිබේ. ඔහුව දැන් දිගින් දිගටම බදුරලිය පොලිසියට කැදවමින් හිරිහැරයට පාත්‍ර කරයි. ඔහු ඉල්ලා සිටින්නේ සමත මණ්ඩලයට යොමු කර ඇති ගැටලුවක් සම්බන්දයෙන් බදුරලිය පොලිසිය විසින් අබේසේන යන අයගේ අවශ්‍යතාවට කටයුතු කරමින් හිරිහැරයට ලක් කිරීමට හෝ වියාජ නඩු පැවරීමට ගන්නා උත්සාහය වළක්වාලන ලෙසත් නීති විරෝදී ලෙස කටයුතු කරන බදුරලිය පොලිසියේ අදාල නිලදාරින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් ඔහුට ආරක්ෂාව සලසන ලෙසත්ය.