පානදුර උතුර පොලිසිය දින තුනක් තිස්සේ නීතිවිරෝදී ලෙස රියදුරු බලපත්‍රය රදවා ගනී.


හර්ෂි සි. පෙරේරා

වයස අවුරුදු 40 ක් වන අජිත් කුමාර වෙළදාම ජීවිකාව කරගත් තැනැත්තෙකි. සිවු දරු පියෙකු වන හෙතෙම කෙසෙල්වත්තේ පදිංචිව සිටි. 2012.05.26 දින උදේ 10.30 ට පමණ පානදුර උතුර පොලිසියේ උදයකුමාර පල්ලිමුල්ල ප්‍රදේශයේදී ඔහුගේ යතුරු පැදිය නවතා රියදුරු බලපත්‍රය ලබා ගෙන ඇත. එම නිලදාරියා ඒ අවස්ථාවේ ඔහුට දඩ කොලයක් හෝ වෙනත් කිසිදු ලියවිල්ලක් ලබා දී නැත. ඔහු කියා ඇත්තේ සවස 2 ට පැමිණ රියදුරු බලපත්‍රය ලබා ගන්නා ලෙස පමණයි. අජිත්ට දින තුනක් පොලිසියේ රස්තියාදු වුවද නීතිවිරෝදී ලෙස පොලිසියේ තබා ගෙන සිටින රියදුරු බලපත්‍රය ලැබුනේ නැත. ඔහු මේ පිලිබදව 2012.05.28 දින මානව හිමිකම් කොමිසමට, පොලිස් කොමිසමට, පොලිස්පතිට සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරිට ලිකිතව පැමිණිලි කරන ලදී. ඒ පොලිස් නිලදාරී උදය කුමාරට එරෙහිව නිතියනුකුල පියවර ගන්නා ලෙසත් තමාට රියදුරු බලපත්‍රය ලබා දෙන ලෙසත් ඉල්ලමිනි.