"නීතිපති උපදෙස් නැත" ;- වයෝපුර්ණත්වයට පත් තැනැත්තිය ළමා රැදවුම් නිවාසයේ.


හර්ෂි සි. පෙරේරා

උසාවිය කුරුණෑගල මහා අදිකරණය. නඩුවේ අංකය එච් සි 161/11. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නීතිපති නියමය පරිදි යුෂ්මතාට අදිචෝදනා කරන අතර එම ආදී චෝදනාවේ ඇතුලත් චෝදනා වල වග හැටි නම් ..........යුෂ්මතා 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහය 364(4) (ආ) සහ 364(3) යටතේ අපරාදයක් කල බවට චෝදනා කෙරේ.

මෙම අපරාදය සිදුවනවිට නඩුවේ ප්‍රදාන සක්ෂිකරියට එනම් අපරාද වින්දිතයාට වයස අවුරුදු 16 ට අඩුය. ඇගේ දැන් වයස අවුරුදු 22 ක් වේ. නඩු වාර්තාවේ 2011.10.05 දින කාර්ය සටහන් වල මෙසේ සදහන් වේ.

  " ගැලවීමේ හමුදා මුලස්ථාන පාලිකාව විසින් මෙම අදිකරණය වෙත ලිපියක් යොමු කරමින් මෙම නඩුවට අදාල දැරිය අද වන විට වයෝපුර්ණත්වයට පත්ව ඇති බැවින් එම තැනැත්තිය මවට බාරදීමට දිනයක් ලබා ගැනීම සදහා නොතිසි නිකුත් කිරීමට ගරු අදිකරණයෙන් ඉල්ලා ඇත."

මෙම නඩුව පවරා ඇත්තේ 2008 ජනවාරි මාසයේදීය. දැනට වසර 04 කුත් මාස 05 ක් පමණ ගතවී ඇත. 2010.09.01 දින නඩුව නීතිපති උපදෙස් සදහා තබා තිබේ. නීතිපති උපදෙස් නොමැතිව මේ වන තෙක් නඩුව වසරකුත් මාස 08 ක් කල් ගොස් ඇත.

ගැලවීමේ හමුදා මුලස්ථානයේ මෙම වැඩිහිටි තැනැත්තිය එහි ළමුන් සමග තබා ඇත. ළමා රැදවියන් සමග වැඩිහිටි රැදවියන් තැබීම වරදකි. වයස අවුරුදු 18 ට වැඩි වුවිට ඇයව මුදා ලීමට බාරකරුවන් අවශ්‍ය නැත. මෙසේ වයස අවුරුදු 18 ට ඉක්මවූ තැනැත්තියක් බාරකරුවකු නොමැති බව සදහන් කරමින් රදවා තබා සිටීම ඇගේ අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංගනය කිරීමකි.

ශ්‍රී ලංකාවේ පවුද්ගලික ළමා රැදවුම් මද්‍යස්ථාන වල වැඩිහිටියන් සිටීමට උදාහරණ රැසකි. මෙම බරපතල වරදට නඩු පමාවද වගකිවයුතු වේ. නඩු පමාවට අදිකරණ කටයුතු වල පමාව මෙන්ම නීතිපති ප්‍රමදයද බරපතල ලෙස බලපායි. මෙසේ ළමා රැදවියන් සමග වැඩිහිටියන් සිටීම එම රැදවුම් මද්‍යස්ථාන වල ගුණාත්මක බාවය පිරිහිමෙලාද හේතු වෙයි.