ජනපති සමාව දෙයිද? නීතිපති නඩුව ඉල්ලා අස්කර ගනියිද?

මිනුවන්ගොඩ ප්‍රදේශීය සභා මන්ත්‍රී ඉන්දික දිනේෂ් චන්ද්‍රසිරි මහතා ගාතනය කර දිගම්පොළ මෝහිනී පාලම යටට ගෙනැවිත් දැමූ සිද්ධියේ සැකකුවකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. මිනුවන්ගොඩදී පැහැරගත් චන්ද්‍රසිරි මහතා ගිරිඋල්ලට රැගෙන ගොස් පහරදී මරා මෝහිනී පාලම යටට ගෙනැවිත් දැමීමට භාවිත කළ බවට සැක කරන වාහනයද පොලිස් බාරයට ගෙන ඇත. ගිය වසරේ දෙසැම්බර් මාසයේ ඔහු මරා යතුරුපැදි අනතුරකින් වතුරට වැටුණු බව ඇඟවෙනසේ සිරුර එහි දමා ඇතැයිද පොලීසිය කියයි.

හර්ෂි සි. පෙරේරා