මන්නාරමේ රායප්පු ජෝසෙප් පියතුමාගේ ආරක්ෂාව සහතික කරනු.



හර්ෂි සි. පෙරේරා

උගත් පාඩම් හා සංහිදියා කොමිසමට ප්‍රකාශයක් කිරීම සම්බන්දයෙන් පොලිසිය රායප්පු ජෝසෙප් පියතුමාගෙන් ප්‍රශ්න කර ඇත. මේය සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සම්බන්දයෙන් උද්ගතව ඇති බරපතල තත්වයකි. නීති පොතට අනුව නම් පොලිසියට විමර්ශන ආරම්බ කිරීමට අපරාදයක් පිළිබද සැකයක් තිබිය යුතුය. නමුත් ශ්‍රී ලංකාවේ නයිතික ක්‍රියාදාමය කණපිට හැරි ඇත. රායප්පු ජෝසෙප් පියතුමා පෙනී සිටියේ දෙමල ජනතාවගේ අයිතීන් වෙනුවෙනි. ශ්‍රී ලංකා ආණ්ඩුව තවදුරටත් විශ්වසනීය ලෙස සන්හිදියාවකට යාමට සුදානම් නොමැති බව මෙවැනි සිද්දීන් වලින් ගම්‍යමාන වෙයි.