පයාගල පොලිසිය කුඩු බෝම්බ දමන බවට තර්ජනය කරමින් පුරවැසියකු පිඩාවට ලක් කරයි.



හර්ෂි සි. පෙරේරා

වීරකෝන් ආරච්චිගේ චමින්ද පර්සන්න සිල්වා වයස අවුරුදු 34 ක් වන අවිවාහක තරුණයකි. රැකියාව මුද්‍රණ කටයුතුය. අලුත් පල්ලිය අසල, කලමුල්ල ,කළුතර පදිංචිව සිටි. පොලිසිය මොහුව පිඩාවට පත්කිරීම පළිබද ආසන්නතම සිද්දිය වන්නේ 2012.05.12 දින රාත්‍රී 11.30 ත් 12 ත් අතරය. ඒ පයාගල පොලිසියේ නිලදාරීන් ඔහුගේ නිවසට පැමිණ නිවසේ ජනේලයක් සහ දොරක් කඩා යාමත් සමගයි. 2012.05.13 දින උදේ චමින්දගේ මව මේ පළිබදව පයාගල පොලිසියට පැමිණිලි කලත් පොලිසිය කිසිදු පියවරක් ගත්තේ නැත. පසු අවස්ථාවලදී පොලිසියෙන් මොහුගේ ගෙදරට පැමිණ කුඩු බෝම්බ දමන බවට තර්ජනය කර ගොස් ඇත. චමින්ද පවසන ආකාරයට පොලිසිය මොහුට මෙසේ හිරිහැර කරන්නේ ප්‍රදේශයේ සරත් නමැති අයගේ අවශ්‍යතාවටය.