මේවා පොලිස්කාරයින්ට මෙන්ම යකඩ සුදර්මන්ලා, කේ. පි. ලා සම්බන්දයෙන්ද ක්‍රියාත්මක විය යුතුය.

හර්ෂි සි පෙරේරා

 මාතලේ පොලිසියේ කාන්තා පොලිස් නිලදාරීන් දෙදෙනෙකුගේ සහ ග්‍රාම ආරක්ෂකයකුගේ වැඩ තහනම් කර ඇත. ඒ වංචාවක් සම්බන්දයෙනි. වත්තල පොලිස් ඕ අයි සි රක්ෂිත බන්දනාගාර ගත කරයි. ඒ නඩු බාන්ඩ පිළිබද විශ්වාසය කඩ කිරීමකටය. රටක නිතිය මත පාලනය ස්ථාපිත කිරීම සදහා පොලිසිය ශුද්ද විය යුතුය. එහි කතා දෙකක් නැත. නමුත් නීතියේ සමානතාවය, වගවීම, විශ්වසනීයත්වය, විනිවිදබාවය සදහා නිතිය යකඩ සුදර්මන්ලා සම්බන්දයෙන්ද ක්‍රියාත්මක වීම අනිවාර්යයි. අද සරත් ෆොන්සේකා සිරගත කිරීම ගැන රාජපක්ෂලා උදහසට හාස්‍යට ලක්වී අවසන්ය. මේ මා අද කොලබ බලා යන බස් රථයක ගමන් කිරීමේදී ලැබූ අත්දැකීමකි. බසයට බන්දනාගාර නියාමකයින් දෙදෙනකු ගොඩවී පිටි පස අසුනේ අසුන් ගැනිණි. ඉන් එක්කෙනෙකු කිවේ එස්. එෆ්. ගැනයි. " ඒ මනුස්සයාගේ පපුවයි බඩයි කපලා තියෙන්නේ හරියට ලෝක සිතියමක් වගෙයි." නමුත් කේ පි ලා සහ කරුණලා රජ සැප විදිති. පොලිස් නීති විරෝදී ක්‍රියා නැවැත්වීමට පියවර ගැනීම ඉතා හොදය. මේ තත්වය පරිපුර්ණ වීමට නම් නිතිය මත පාලනය සැමට පොදුවිය යුතුය.