මහියංගනේ ගොවීන්ට හසලක පොලිසිය සහ රතනසිරි චිවරදාරියාගෙන් හිරිහැර.



හර්ෂි සි. පෙරේරා

අද උදැසන රාජපක්ෂ මහතා මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ මහනුවර නියෝජ්‍ය පොලිස්පතිට ලිකිතව පැමිණිලි කරන ලදී. ඒ 259 බුලත්වල්කදුර පදිංචි තමා ඇතුළු පාරම්පරික ගොවීන්ට තම පවුද්ගලික ඉඩම් මැනීමේදී හසලක පොලිසිය දිගින් දිගටම කරන හිරිහැර ගැනයි. හසලක පොලිසිය මේ අයට පොලිසියට එන්න කියන්නේ මහියංගන රජමහා විහාරයේ යටියන රතනසිරි නමැති චිවරදාරියා පොලිසියට කල පැමිණිල්ලක් මතයි. මෙම පැමිණිල්ල කර ඇත්තේ බන්දුල ගුණතිලක යන අයට විරුද්දවය. මේ ගොවින් සිදු කල තම ඉඩම් මැනීම පොලිසිය මැදිහත්ව නතර කර ඇත. මේ අය එනම් පවුල් 100 ක් පමණ බුලත්වල්කදුර ගමේ පාරම්පරිකව තමන් බුක්තිවිදින ඉඩම් මැනීම් කටයුතු වල නිරතව තිබේ. ඔවුන් තම පුද්ගලික ඉඩම් මැනීමට ඇති අයිතියට බාදා නොකරන්නැයි වගකිවයුත්තන්ට කියා සිටි.