ඉන්දීය දුත පිරිස චායාරුප වලට සිට ගැනීමෙන් ඔබ්බට.


හර්ෂි සි. පෙරේරා

ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙය සිහිපත් කරන්නේ මිට මාස කිහිපයකට පෙර කරුණානිදිගේ දියණිය ඇතුළු කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමයි. එය ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රබලයින් සමග එකට සිට පින්තුර ගැනීමෙන් ඔබ්බට ගොස් දෙමල ජනයාගේ සුබ සිද්දිය තකා කිසිවක් සිදුවුයේ නැත. දැනට ආරංචි වන ආකාරයට මෙම කණ්ඩායමට ඉන්දීය පාර්ලිමේන්තුවේ මුස්ලිම් මන්ත්‍රීවරයකුගේ නියෝජනයක්ද සිදු නොවේ. එය උතුරු නැගෙනහිර දෙමල බස කතා කරන මුස්ලිම්වරුන්ට අවාසිදායක තත්වයක් වේ. මේ කණ්ඩායමට මැදිහත්කරුවන් ගෙන් තොරව දෙමල ජනයාට කතා කිරීමේ අවස්ථාවද ලබා දිය යුතුව ඇත. එවිට පමණක් සාදනිය වෙනසකට මග සැලසේ. නැතිනම් මෙය ඉන්දියානුවන්ට තවත් අසල් වැසි රටේ සවාරියාමකි.