මෛත්‍රීපාල සිරිසේනගේ කාර්ය මණ්‌ඩලයේ නිලධාරිනියක් අමාත්‍යංශ වාහන හතරක් එලවයි

| අමිල ගුණරත්න

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ මහතාගේ කාර්ය මණ්‌ඩලයේ එක්‌තරා නිලධාරිනියක්‌ අමාත්‍යංශයේ අලුත් වාහන හතරක්‌ අනිසි ලෙස පරිහරණය කරන බවට වාර්තා වේ. මෙම නිලධාරිනිය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය යටතේ ආනයනය කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක්‌ ඇයගේ පෙම්වතාගේ පරිහරණයට ලබා දී ඇත. එසේම ඇයගේ මවට සහ පියාටද අමාත්‍යංශයේ වාහන දෙකක්‌ ලබා දී තිබේ. මෙම නිලධාරිනිය තම නිල රථයට අමතරව ආසන විසි හතරක වෑන් රියක්‌ද අමාත්‍යංශයෙන් ලබාගෙන තිබේ. මෙම වෑන් රථය පවුලේ උදවිය සහ නෑදෑයන් සමග චාරිකා වල යෙදීමට ඇය භාවිතා කරන්නීය. මෙම සියලු වාහන සඳහා ඉන්ධන වලට ගෙවීම් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය විසිනි. මෙම වාහන වලට මසකට ඉන්ධන සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය ගෙවන මුදල රුපියල් ලක්ෂ දෙකකට අධිකය. මේ ආකාරයට දුෂිත නිලධාරීන් විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ මුදල් සහ සම්පත් උලාකන අතර මෑතකදී හෙළි පරිදි මේ වසරේ රෝහල් වලට අවශ්‍ය ඉන්ජක්ෂන් සිරින්ජර් මිලට ගැනීමට අමාත්‍යංශයට මුදල් නොමැත.