බුලත්සිංහල පොලිසිය හිස් අරක්කු බෝතලයකට වතුර පිරේවුවා.



 
 
හර්ෂි සි. පෙරේරා

අතිකොරලගේ නිමල් වයස 38 ක් වන විවාහක දෙදරු පියෙකි. කම්කරුවෙකු ලෙස රැකියාව කරයි. කම්බෝක්කාව පාර ,අමරගෙදර, බුලත්සිංහල පදිංචිව සිටි. 2012.01.14 දින රාත්‍රී 9 ත් 9.30 ත් අතර බුලත්සිංහල පොලිසියේ නිලදාරීන් ඔහුගේ නිවසට පැමිණ ගේ සෝදිසි කර කිසිවක් සොයා ගැනීමට නොහැකි වුවිට හිස් අරක්කු බෝතලයකට වතුර පුරවා ගෙන එයත් සමග නිමල්වත් බුලත්සිංහල පොලිසියට රැගෙන ගොස් තිබේ. පොලිසියේදී ඔහුට පහර දී ඇත. පසුව බොරු නඩුවක් දමන ලදී. නිමල් නීතිවිරෝදී මත්පැන් අලෙවියේ නිරත වී සිටියද ඔහු දැනට වසර 03 ක කාලයක සිට එම රැකියාවේ නිරත නොවේ. එම වියාපාරය කරන කාලයේ බුලත්සිංහල පොලිසිය පැවරු නඩුවද මේවන විට අවසන්ව ඇත. නිමල් වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ නීතිවිරෝදී ලෙස තමාව අත්අඩංගුවට ගෙන පහරදී වියාජ චෝදනා නගා නඩු පැවරු බුලත්සිංහල පොලිසියේ ලාල් කුමාර සාජන්වරයා, ස්ථානදිපතිවරයා ඇතුළු අදාල නිලදාරින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් ඔහුටත් ඔහුගේ පවුලේ අයටත් නිදහසේ ජීවත්වීමට අවශ්‍ය ආරක්ෂාව සලසා දෙන ලෙසත්ය.