කැලිෆෝනියාවත් මරණ දඩුවම අහෝසි කරයි !



 

 හර්ෂි සි. පෙරේරා

කැලිෆොනියානු චන්දදායකයින් නොවැම්බර් මාසයේදී තවදුරටත් මරණ දඩුවම පනවනවාද යන්නට චන්දය දීමට නියමිතය. මෙම චන්දය පැවැත්වීම සදහා ක්‍රියාදරයින් චන්ද 500000 ක් එකතු කර ඇත. 1976 සිට මේ දක්වා කලිෆොනියානු ප්‍රාන්තයේ මරණ දඩුවම ලැබූ සංකයාව 13 දෙනෙකි. මරණ දඩුවම නියම වී ඇති රැදවියන් ගණන 723 කි. ඔවුන් මරණ දඩුවම වෙනුවට ජීවිතාන්තය දක්වා වූ සිරදඩුවම හදුන්වා දීමට යයි. ඔවුන්ට මිනිසුන් 13 දෙනෙකු මරා දැමීමට විශාල මුදල් ප්‍රමාණයක් වියදම්ව ඇත. මේ අවස්ථාව එයිතිහාසික වන්නේ 1960 සිට කිසිදු ප්‍රාන්තයක් මරණ දඩුවම් අහෝසි කිරීම සදහා ජනමත විචාරණයක් පවත්වා නොමැති බැවිනි. මරණ දඩුවමට විරුද්ද අය මෙය හදුන්වන්නේ දරුණු මනුෂ්‍ය ගාතන වලට ලක්වූ වින්දිතයින්ගේ මුහුණට කෙල ගැසීමක් ලෙසයි. මෙසේ මරණ දඩුවම අහෝසි කිරීම මගින් කැලිෆෝනියාව ඇමෙරිකාවේ මෙම දඩුවම අහෝසි කර ඇති තවත් ප්‍රාන්ත 17 ක් සහ කොලොම්බියානු දිස්ත්‍රික්කය සමග එකතු වේ.