කට කහනවට



1) පේ‍්‍රමදාස යුගයක් නැවත ගේනවා – (සජිත් ප්‍රේමදාස ) අම්මේ ඇඟේ මයිල් කෙලින් වෙනවා

2) ජේවීපිය යනු රටට ඉමහත් සේවයක් කල පක්ෂයක් (අනුර කුමාර දිසානායක ) - ඔව් ජනගණන පාලනයට සැහෙන සේවාවක් කළා

3) මෑතකදී රජය ක්‍රියාත්මක කළ සාර්ථකම වැඩපිළිවෙළ දිවි නැඟුමයි (ආර්. ඒ. ඒ. කේ. රණවක ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්) - ඇයි අනික්වා අලද ?

4) අපි මුලිනුත් කිව්වේ මේ කුමන්ත්‍රණකරුවා ගැන තමයි - (විමල් වීරවංශ) - මේ යකා කුමන්ත්‍රණකාරයෙක් කියල නොකීවේ තමන්ට විතරයි

5) ඇලස්කා ගිය පාපන්දුව යළි හිමිකරුට - (ලංකාදීප පුවත්පත ) - කාටද ජීවන් කුමාරතුංගටද ?

6) ජනපති සෝල් නුවරට ළඟා වෙයි (දිනමිණ පුවත්පත) - ඒ එක්කම මෙහෙන් මහා සේනාවකුත් යන්න ඇති

7) කහවත්තේ සැකකරුවෝ 7 වැනි වරටත් යළි රිමාන්ඩ් (දිවයින පුවත්පත ) - බයවෙන්න එපා ටිකක් කල් ඕක අද්දවලා ජෝන් බාස් වැඩේ ශේප් කරයි

ඒක බුද්ධි