මෙන්න මිනීමරුවා -- මූටත් ජනාධිපති පොදු සමාවද

කහවත්තේ මවත් දියණියත් ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් සොහොයුරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධර්මසිරි ලොකුගම්හේවා මහතා ප්‍රශ්න කිරීම සඳහා ඊයේ (14 වැනිදා) රහස්‌ පොලිසිය භාරයට ගෙන ඇත. ඔහුගෙන් දීර්ඝ වශයෙන් කටඋත්තර ගැනීම සඳහා මෙසේ රහස්‌ පොලිස්‌ භාරයට ගත් බව අද මාධ්‍ය වාර්තා කළේය.

ධර්මසිරි ලොකුගම්හේවා මහතාගෙන් මීට පෙරද කීපවතාවක්‌ම මෙම මිනීමැරුම් පිළිබඳව රහස්‌ පොලිසිය ප්‍රශ්න කර තිබිණි.

ධර්මසිරි ලොකුගම්හේවා මහතා ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියා වූ අතර මේ සිද්ධියෙන් පසු ඔහු තනතුරෙන් පහ කිරීමට පියවර ගෙන තිබිණි.

පොලිස්‌ ආරංචිමාර්ග දක්‌වන අන්දමට මොහු පොලිස්‌ භාරයට ගෙන ඇත්තේ තංගල්ල ප්‍රදේශයේදීය.