තවත් ප්‍රාදේශීය දේශපාලක මැරයෙක් රෝහලේදී තප්පුලයි

පොලිසියෙන් වසන් වීම සඳහා ප්‍රාදේශීය සභා වලට පත් වී ඇති ඇති අපරාධකරුවන් දැන් සමාජයට තර්ජනයක් වෙමින් පවතී. මෙවැනිම තවත් අපරාධකරුවෙක් වන වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ නමැති මැර දේශපාලකයා මාතර මහ රෝහලේ විදුලි සෝපානය අක්‍රිය වී තිබීම ගැන රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකොන් මහත්මියට ඉතා පහත ආකාරයට බැන වැදී අඩන්තේට්ටම් කොට මරණ තර්ජනය කොට තිබේ. මේ සම්බන්දයෙන් මාතර මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකොන් මහත්මිය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග මහතා වෙත ඉදිරිපත් කරන ලදී. මෙම නුගත් මැරයා ගංජා ප්‍රවාහනය, නීති විරෝධී වැලි ප්‍රවාහනය සහ ගස් කැපීම වැනි සමාජවිරෝධී කටයුතු වල නිරත වන බව වාර්තා වේ.

අමිල ගුණරත්න