කප්පම් මුදලක්‌ ඉල්ලා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට තර්ජනය කලේ සරණ ගුණවර්ධන

ඛනිජ තෙල් සහ ඛනිජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන රුපියල් ලක්‍ෂ 250 ක කප්පම් මුදලක්‌ ඉල්ලා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුද තර්ජනය කොට ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්දයෙන් පෞද්ගලික සමාගමක කළමනාකාර අධ්‍යක්‍ෂවරයකු වන චින්තක මොහාන් පෙරේරා නමැති ව්‍යාපාරිකයෙකු විසින් මිනුවන්ගොඩ පොලිසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර ඔහු ඒ පිළිබඳ ජනාධිපතිවරයාටද ලිඛිතව දැනුම් දී තිබේ. සරණ ගුණවර්ධන විසින් තම ජංගම දුරකතනයට ඇමැතුමක්‌ ලබාදී රුපියල් ලක්‍ෂ 250 ක්‌ සූදානම්කර තබා ගන්නා ලෙසත්, එම මුදල නොදුන්නොත් ජීවිතය පිළිබඳ තීන්දුවක්‌ ගන්නා බවට තර්ජනය කළ බවත් ව්‍යාපාරිකයා ජනාධිපතිවරයාට කළ එම පැමිණිල්ලේ සඳහන්වේ. මිට අමතරව ඛනිජ තෙල් සහ ඛනිජ සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා ඉන්ධන පිරවුම්හල් බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ ලක්ෂ 80 ක අල්ලසක් ලබාගෙන ඇති බවද වාර්තා වේ. නමුත් මේ දක්වා කප්පම් දේශපාලකයන් වන මර්වින් සිල්වා , සරණ ගුණවර්ධන වැනි කුපාඩි සොරුන්ට විරුද්දව ගත ක්‍රියාමාර්ගයක් නැත. මේ නිසා ආසියාවේ අශ්චර්යේ දේශපාලකයන් දැන් සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවන්ට නොදෙවෙනි බව මේ අනුව පෙනී යයි.

අමිල ගුණරත්න