මේ පසුගිය සතියේ සිදු වූ සිදුවීම් වලින් සමහරක් පමණි. ආසියානු අශ්චර්යේ චමත්කාරයේ ආඩම්බරකාර පිම්පියාගේ පියසටහන් මේවාය,
1. උතුරුමැද පළාත් මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක ගමන් කළ රථයට ආරක්ෂාව සපයමින් ගමන් කළ රථයක් එප්පාවල තලාව මාර්ගයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු යට කරගෙන යැම නිසා එම පුද්ගලයා මිය ගියේය. මේ අසරණයාගේ දරුවන් තිදෙනාගෙන් දෙදෙනකුම තැලසීමියා රෝගීහු වෙති. ඉකුත් සිකුරාදා වූ මෙම සිද්ධියෙන් පසු මේ දරුවන්ට පියකු නැත.
2. පළාත් පාලන ඇමැති එම්. අතාවුල්ලා සිය නිල රථයෙහි නැගී කැබිතිගොල්ලෑවේ හීරලුගම හරහා යන විට 9 හැවිරිදි පාසල් සිසුවෙක් රියට යටවිය. ශිෂ්‍යයාට බරපතළය.
3. රත්නපුරයේ කහවත්තේ මව සහ දියණිය ඝාතනයට සම්බන්ධ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට ගැනීමට පොලිසියට තවමත් හැකිව නැත. සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන්ට දේශපාලන රැකවරණ ලැබෙමින් පවතින බවට චෝදනාවක්ද නැගී තිබේ.
4. වැලිගෙපොලදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට ගැනීමට පොලිසියට තවමත් හැකිව නැත. ගමේ මිනිසුන්ට බාර දුන්නා නම් ඔවුන් ඉතාම ඉක්මණින් අපරාධකරුවන් අල්ලා පොලිසියට ගෙනෙනවා ඇත. (ප්රශ්නය වී ඇත්තේ මේ රටේ කිසිම පොදු ආරක්ෂක කටයුත්තකට සාමාන්‍ය ජනයා සහභාගි කර ගැනීමට නොහැකි වීමය. අපරාධකාරයකු සොයාගෙන එන ලෙස කීවොත් ඔවුන් ගෙනෙනු ඇත්තේ මිනිහා නොව මළ මිනිය ය.)
5. ගම්පහ නියෝජ්‍ය ඇමැති කෙනෙකු ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 250 ක පගාවක් ඉල්ලා ඇත. මේ නියෝජ්‍ය ඇමැතිට විරුද්ධව මේ වන තුරු කිසිදු පියවරක් ගෙන නැත.
6. කොළොන්නාව නගර සභාවේ නගරාධිපති රවිඳු උදයශාන්තමහතා ඝාතනයට පැමිණි යුධ හමුදාවේ සිව් දෙනෙකුට මහා ජනතාව පහරදී පොලිසියට භාර දීමෙන් පසුව , ඉහල නියෝගයක් මත නිදහස් කොට ඇත. ඔවුහු සුපුරුදු පරිදි තම රාජපක්ෂගේ අණ අනුව සිදු කරන ඝාතන සිදු කිරීමට සරි සරනු ඇත.
Post a Comment