මහරගම පිළිකා රෝහලේදී ප්‍රහාරයකට ලක් වූ දියණියගේ මව කියයි
| බී. එස්. ජයසිංහ
මීට දින හයකට පෙරදී මහරගම පිළිකා රෝහලේ සුබසාධක මධ්‍යස්ථානය තුළදී දියණියට පහර දී මධ්‍යස්ථානය බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින හිමිනම ඇතුළු පිරිස මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයි රෝගීව සිටින සිසුවියගේ මව වන හොරණ කුළුපන පදිංචි පුෂ්පා මල්කාන්ති මහත්මිය පැවසුවාය.
පහරදීමෙන් වම් ඇසට වූ ආබාධයකින් කොළඹ උසස් බාලිකා විදුහලක අධ්‍යාපනය ලබන තමාලි මනෝෂි සිසුවිය හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන්නීය.
මෙම පහරදීම හා මධ්‍යස්ථානයට බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් පසුගිය 6 වැනි දින මහරගම පොලිසියට පැමිණිලි කිරීමට ගිය ද පැමිණිල්ල බාර නොගත් බව සඳහන් කරමින් එදිනම පොලිස් මූලස්ථානයේ සහන මැදිරියට ක්ෂඊගෂ 384/15 යටතේ පැමිණිල්ලක් කළ බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
තම දියණිය වම් ඇසෙහි පවතින රෝගී තත්ත්වයෙන් හොරණ රෝහලේ නේවාසිකව තවමත් ප්‍රතිකාර ලබාගන්නා අතර ඇයට පහර දුන් හිමිනම ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට නීsතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අලසකමක් දක්වන්නේ ඇයිදැයි ඇය ප්‍රශ්න කරයි.
Post a Comment