නිරායුධ වැසියන් පැහැරගෙන දසවද දී මරා දැමූ රාජපක්ෂගේ මිනිමස් කල්ලියේ සිව්දෙනෙක් මෙන්න

යුද හමුදා වෑන් රථයට කොළොන්නාවේදී ප්‍රහාරයක්‌ - කතාව වෙනස් කරයි



මෙම කතාවට අදාළ අතුරු කතා වැඩකට නැත. දිවයින සහ අනෙකුත් රාජපක්ෂගේ මිනීමරු වසලයින්ට උඩ ගෙඩි දෙන මාධ්‍යන් මෙම සිදුවීම තවත් වෙනස් කොට කියනු ඇත. මොවුන් අඹරන කටහ්ව සම්ප්පොරන්යෙන්ම අසත්‍ය බව කියන්නේ මෙකි මිනීමරු වනසතුන්ගේ ගොදුරු වීමට ගිය ප්‍රාදේශීය දේශපාලකයාය. ලනක්වේ නිතීයත්, යුක්තියත්, දඬුවමත් රාජපක්ෂය. රාජපක්ෂගේ අදෝ ප්‍රදේශය ලෙවකෑම යුක්තිය ඉටු කිරීමක් ලෙස සිතන තාක් දුරට කිසිඳු ගැලවීමක් නැත. අදාළ හමුදු සොල්දාදුවන් ගැන බරපතල අනුකම්පාවක් පහවන්නේ මොවුන් මිනීමරු යන්ත්‍ර බවට පත් කොට ඇත්තේ රාජාපක්ෂ විසින්ය. දිවයින පුවත්පත විසින් අදාළ සුදු වෑන් කල්ලියේ අයවලුන්ට සුදු හුණු ගමින් අසූචි කෑ ඌරාගේ තත්වයට පත් වී ඇති අකාරය මින් මනාව පැහැදිලි වේ. විධිමත් පරීක්ෂණයක් සිදු කොට නිතීය අතට ගෙන නිරායුධ වැසියන්ගේ ලේ උරා බොන මොවුන් ගැන විධිමත් පරිෂණයක් අත්‍යවශ්‍ය වේ. එය යුධ හමුදා නියෝග මත නිදහස් කිරීමෙන් කළ නොහැකිය. 

දිවයින පුවත පහත දැක්වේ;

සමන් ගමගේ

නිවාඩු නොලබා රාජකාරියට වාර්තා නොකර සිටින යුද හමුදා සෙබළු කිහිප දෙනකු පිළිබඳ තොරතුරු සෙවීමට යමින් සිටි යුද හමුදා භට පිරිසක්‌ ගමන් කළ වෑන් රථයකට පෙරේදා (10 දා) රාත්‍රි වැල්ලම්පිටිය කොළොන්නාව ප්‍රදේශයේදී පිරිසක්‌ පහරදී ඇතැයි යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජී. වී. රව්ප්‍රිය පැවසීය.

වෑන් රථයේ ගමන් කරමින් සිටි භට පිරිස කොළොන්නාව ප්‍රදේශයේදී රථය නවතා තේ පානය සඳහා වෙළෙඳසලක්‌ වෙත යමින් සිටියදී එම ප්‍රදේශයේ සිටි පිරිසක්‌ සමග බහින්බස්‌ වීමක්‌ ඇති වී තිබෙන අතර ඉන්පසුව මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන බවද බ්‍රිගේඩියර්වරයා සඳහන් කළේය.

මෙම ප්‍රහාරයෙන් යුද හමුදා වෑන් රථයට දැඩි අලාභහානි සිදුව තිබේ. සිද්ධිය වන අවස්‌ථාවේ කොළොන්නාව නගර සභාවේ සභාපතිවරයාද මෙම ස්‌ථානයේ සිට ඇත.

පසුව පොලිසිය මැදිහත් වී සිද්ධිය සමථයකට පත්කර වෑන් රථයේ සිටි හමුදා සෙබළු සිව්දෙනකු සමග රථය පොලිසිය භාරයට ගෙන තිබේ.

වෑන් රථයට ප්‍රහාර එල්ල කළ පිරිස අතර යුද හමුදා පොලිසියේ නිලධාරියකුද සිටි බවට තොරතුරු අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් කොළොන්නාව නගර සභාවේ නගරාධිපති රවිඳු උදයශාන්ත මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මෙම රථයේ පැමිණි පිරිසගේ අරමුණ වී තිබුණේ තමන්ගේ ජීවිතයට හානියක්‌ සිදුකිරීම බවයි.

Watch the Video