EXCLUSIVE
යුධ හමුදාවට අනුබද්ධව කටයුතු කරන නමුත් සම්පූර්ණයෙන්ම රාජපක්ෂ යටතේ ක්‍රියාත්මක වන සුදුවෑන් කල්ලිය විසින් පැහැරගැනීම උත්සහ කළ කොළොන්නාව නගර සභාවේ නගරාධිපති රවිඳු උදයශාන්ත මහතාට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් තර්ජනය කොට ඇති බවත් ඔහුට කිසිම ආකාරයකින් මාධ්‍යට අදහස් පළකිරීමෙන් බැහැරවන ලෙසත් නියෝග කොට තිබේ.
එසේම ඔහුව පිට රට යැවීමටද කටයුතු කළ හැකි බව හෙතම දන්වා තිබේ. කෙසේ වෙතත් උදයශාන්ත මහතා , භාරත ලක්ෂමන් මහතා මර දමනු ලැබූ කුඩු දුමින්දගේ ගෝලයෙකු වන අතර ඔහු සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් සිදු කළ කුඩු ගනු දනු ගැන සැහෙන් ප්‍රමාණයක තොරතුරු දන්නා අයෙකු බව සඳහන් වේ. අදාළ පැහැර ගැනීම ඒ නිසා සිදුකළ එකක් බවට විශ්වාශ කෙරේ.
මේ අතර අද උදෑසන 07 ට පමණ බොරැල්ලේදී තවත් පුදගලයෙකු කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබේ. ඔහු මර්වින් සිල්වා ඇමතිවරයාගේ ගෝලයෙකු වන මාළු ප්‍රියන්ත නමින් හැඳින්වේ. කෙසේ වෙතත රජයේ මාධ්‍ය ප්‍රකාශකය අදාළ සිදුවීම ගැන තවමත් තොරතුරු තමන් සතු නැති බව සඳහන් කළේය.
Post a Comment