කොතලහිඹුටු සොරකමට වනජීවි සංරක්ෂණ දෙපාර්තෙමින්තුව අවසර ලබාදෙයි

2011 වසරේ BOI විසින් කළ ඉල්ලීමක් පරිදි කොතලහිඹුටු (Salacia reticulata) විකිණීම සදහා වගා කිරීමට Eco- Tech Creat12 Company (Pvt) Ltd .

” වෙත වනජීවි සංරක්ෂණ දෙපාර්තෙමින්තුව විසින් අවසර ලබාදී ඇත. එම අවසරය ලබා දි ඇත්තේ 2012.02..23 දින යන අංකය යටතේ එහි අධ්‍යක්ෂ ජනරාල් උදේනි වික්‍රමසිංහ
විසිනි.

මෙම අවසර ලබාදීම වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනතට අනුව නිතිවිරෝධි ක්‍රියාවකි. එහි 42 වගන්තියට අනුව ආරක්ෂිත පැලෑටි වලට හානි කිරීම විකිණීම නිති විරොධි ක්‍රියාවකි.

මිට පෙරද මෙම ශාකය මගින් දියවැඩියා රෝගය සදහා ඖෂධ නිෂ්පාදනය කිරීමේ අයිතිය පේටන්ට් බලපත්‍රයක් මගින් ජපානය විසින් හිමිකරගන ඇත.

එසේම මෙම ආරක්ෂිත ඔෘෂධිය ශාකය උදෙසා විශාල ලෙස පේටන්ට් බලපත්‍ර ගැනීෙමී උත්සහයක් ඇති මෙවන් වකවානුවක නීති විරෝධි ලෙස වනජීවි සංරක්ෂණ දෙපාර්තෙමින්තුව විසින් ලබාදුන් අවසරය වහා
අත්හිටුවීම උදේසා බලකිරිම වෙනුවෙන් ඔබගේ සහයෝගය ලබා දෙන්න.