බර්ටි ප්‍රේමලාල් ඔබගේ හීනමානය තැලසීමියා රෝගී දරුවන් දෙදෙනෙකුට පියා අහිමි කරයි

| අමිල ගුණරත්න

උතුරුමැද පළාත් මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක ඔබ උපන්නේ කටේ රන් හැන්දක් එක්ක නොවේ. ඔබද පොදු ජනයා අතරින් පැමිණි පුද්ගලයෙකි. දැන් රටේ ත්‍රස්තවාදී තර්ජන නැත. නමුත් ඉදිරිපසින් සහ පිටුපසින් මහා දවාලේ ලයිට් දාගෙන ආරක්ෂක රථ පිරිවාර සංචාරය කිරීමේ ඔබට තිබෙන ත්‍රිල් එක අපට තේරුම් ගත හැක .නමුත් අපට ඇති ප්‍රශ්නය ඔබගේ ත්‍රිල් එක පාරේ යන මිනිසුන්ට මාරකයක් වීම නිසාය. ඔබ ගමන් කළ රථයට ආරක්‍ෂාව සපයමින් ගමන් කළ පරිවාර රථයක්‌ එප්පාවල තලාව මාර්ගයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු යට කරගෙන ගියේය. අසරණයා එතනම මිය ගියේය. යැම නිසා එම පුද්ගලයා මිය ගියේය. ඔහුගේ දරුවන් තිදෙනාගෙන් දෙදෙනකුම තැලසීමියා රෝගීහු වෙති. දැන් මේ ළමුන්ට කන්නට අඳින්නට දෙන්නට පියෙකු නැත. දැන් ඔබගේ ත්‍රිල් එක කොහොමද ?