කට කහනවට

| ඒකබුද්ධි විසිනි

ඕනම දේකට අපි සූදානම්‘(ඇමැති මිහින්ද සමරසිංහ) - නැතුව නැතුව අපි නොදන්නවයි ඔහේගේ කෙරුම්කාරකම්

කෝටි දෙකහමාරේ කප්පම වරදී (පුවතක් ) -මර්වින්ට මේ දවස් වල සල්ලි කරදර ඇති

පොලිස් ලොකු පුටු 30ක් අලුත් වෙයි - ඒ උනාට අයියලාගේ වැඩ පරණයි

අලුත් අස්වැන්න මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම් - මේ ඕවා මෛති්රපාල සිරිසේන ගේ මල්ලි කුපිත වෙන වැඩ

දුප්පත් රටක් ලෙස තිබූ ශ්‍රී ලංකාව අද මධ්‍යම පාංතික රටක් - ඒක හින්ද තමයි අර හලාවත ධීවරයා බුමිතෙල් බෝතලයක් සහන මිලට ඉල්ලලා මැරුම් කෑවේ

සියලු පාසල්වලට වසර 3ක දී තොරතුරු තාක්ෂණ පහසුකම් - ඊට කලින් අර පොලොන්නරුවේ ඉස්කෝල වල වහළ හෙවිල්ලල ඉන්න නැත්නම් ඔය පරිගණක ටික තෙමෙයි

ගොන් කරත්තෙන් සභාවට ආ උතුරු මැද එජාප මන්ත්‍රීනුත් අද විදේශ ගතවෙති ,වියදම කෝටි 4යි - උනුත් එකයි, මුනුත් එකයි, අරුනුත් එකයි

රවී කරුණානායක බුද්ධාගම වැළඳ ගැනීමට සැරසෙයි - සතොස සුද්ද කරලා , යුද්දෙ කාලේ කිලිනොච්චි මැදවච්චි කිය කියා අලිමංකඩ කියලා පාමංකඩ යනවා කියලා කියා කියා දැන් බුද්ධාගමටත් කෙලවන්නද සුදානම ?

මම මේ දවස්වල ප්‍රඥාව පහළ කරගන්ඩ වෙහෙසෙනවා. ( මර්වින් සිල්වා) - ඔව් ඉතින් සල්ලි දීල ගීතාංජන මෙන්ඩිස්ගෙන් ආචාර්ය උපාධි ගත්තට මේ යකා උපන්තේකට ඉස්කෝලේකටවත් ගිහිල්ල තියනවද ?