නාස්තිකාර පුත්‍රයා ආපසු එයි

| අමිල ගුණරත්න

දැනට ඔළුවට වෙඩි වැදී අබාධිත තත්වයට පත් වී ඇති දුමින්ද සිල්වාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි එම පුරප්පාඩුවට රෝහිත බෝගොල්ලාගම මහතා පත් වීමට නියමිත බව වාර්තා වේ. හිටපු විදේශ ඇමතිවරයකු වන බෝගොල්ලාගම මහතා, ඇමතිවරයෙකුව සිටි කාලයේ දී මහජන මුදල් නාස්ති කලේ පපඩම් ගණනටය. ඔහු විදේශ අමාත්‍යවරයා වශයෙන් සිටි මාස 39ක කාලය තුලදි විදේශ සංචාර 36ක යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් රුපියල් විසිහත් කෝටි හැටහත්දාස් හයසිය විසිහයක මුදලක් නාස්ති කොට තිබේ. මේ සංචාර අතර 2007 ජනවාරී 30 වනදා සිට 2010 අප්‍රියෙල් 22 දක්වා සිදුකළ මෙම සංචාර 36න් ඉන්දියාවට දසවාරයක්ද, චීනයට සිව් වාරයක්ද, ඇමරිකා එක්සත් ජනපදයට සිව් වාරයක්ද, එක්සත් රාජධානියට අට වාරයක්ද ගොස් ඇත. එසේම නිව්යෝර්ක් නුවර හෝටලයක පැවති බෝගොල්ලාගමගේ දුවගේ උපන්දින සාදයේ බිල ලක්ෂ 45ක් වූ අතර එම මුදල් ද පියවා ඇත්තේ විදේශ අමාත්‍යාංශයේ මුදල් වලිනි. හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම එක්සත් ජාතීන්ගේ සැසියක කල කතාව ඇසුණු පසු තමාට මේසය යටට ගොස් සැඟවීමට සිතුනු බව දයාන් ජයතිලක වරක් ප්‍රකාශ කළා. මේ අනුව යලිත් වරක් මහජන මුදල් කාබාසිනියා කිරීමට තවත් බහිරවයෙකු ලංකාවේ පින්වත් ජනතාවට ලැබෙනු ඇත.