l කිෂානි වැලිවිටිගොඩ
රුසියාවේ පැවැත් වූ ජනාධිපතිවරණයේ අවසාන ඡන්ද ප්රතිපලය තවමත් නිකුත් කොට නැති අතර දැනට ප්රකාශිත ඡන්ද ප්රතිපල අනුව වලදිමර් පුටින් 60% කට වැඩි ඡන්ද ප්රතිශතයක් හිමි කරගෙන ඇති බව විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි. එබැවින් ඔහුගේ ජයග්රහණය නිල වශයෙන් ප්රකාශ කරමින් ඔහුගේ පාක්ෂිකයින් වෙත තම ස්තුතිය පිරිනැමිය.
පසු ගිය වර්ෂ 4 ක කාලය තුලදී අග්රාමාත්ය ධුරය හෙබ වූ අතර 2000 - 2008 කාලයේදී ඔහු දෙවතාවක් ජනාධිපති ධුරයේ කටයුතු කළේය.
1952 ඔක්තෝම්බර් 7 වෙනිදා ශාන්ත පිටර්ස්බර්ග් හි උපත ලද දැනට 59 හැවිරිදි වියේ පසුවන ඔහු දියණියන් දෙදෙනෙකුගේ පියෙකි. රුසියානු භාෂාවට අමතරව ජර්මන් භාෂාව සහ ඉංග්රීසි භාෂාවන් කතා කිරීමේ හැකියාව ඔහු සතුයි.
Post a Comment