| අමිල ගුණරත්න
( 10.02.2012 | lankaguardian.com ) GTA හෙවත් Gradn Theft Auto යනු පරිගණක ක්‍රීඩාවකි. මෙම ක්‍රීඩාවේදී බලෙන් වාහන පැහැරගෙන අධි වේගයෙන් වාහන හප්පා පදිකයන් යට කරමින් මෝටර් රථ ධාවනය කරති. මෙය පරිගණක ක්‍රීඩාවක් වුවද එය සැබවින්ම ලංකාවේ මාර්ගයක දේශපාලන හයිරම්කාරයෙකුගේ කකුලක් විසින් සිදු කරන ලදී. ඔහු මහා මාර්ග නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධනගේ ඥාති පුත් ලෙෂාන් ද සිල්වාය. බොහෝ දෙනෙකු රෝහිත අබේගුණවර්ධන හඳුන්වන්නේ "රත්තරන්" යන නමිනි. ඊට හේතුව ඔහු කාලයකදී බස් වල සහ දුම්රියවල කාන්තාවන්ගේ රත්තරන් මාල කැඩීම රැකියාව ලෙස කල නිසාය. ඔහු දැන් මාල කඩන්නේ නැත. දේශපාලනයට පිවිසීම නිසා රෝහිත අබේගුණවර්ධන පරම්පරා දෙක තුනක් ගොඩදාගත් නමුත් රෝහිත අබේගුණවර්ධනගේ ඥාති පුත් ලෙෂාන් ද සිල්වා නිසා දුප්පත් පවුල් තුනක් අද මහමගට වැටී තිබේ.
මෑතකදී රෝහිත අබේගුණවර්ධනගේ ඥාති පුත් ලෙෂාන් ද සිල්වා තදින් බිමත්ව රිය පදවමින් පයාගලදී සයිකල්කරුවන් දෙදෙනෙකු හප්පා මරා දමා තවත් මෝටර් සයිකල්කරුවෙකුට මාරාන්තික තුවාල සිදුකරමින් වාහනය නොනවත්වාම ධාවනය කරන ලදී. ඔහු විසින් පදවන ලද වාහනයේ අධික වේගය නිසා රියේ හැප්පුණු එක සයිකල්කරුවෙකු උඩින් විසිවී ගෙයක වහලයක් මතට වැටී ඇත. මෙම අනතුරින් පසු පළාගිය වාහනයේ සැබෑ රියැදුරු වන ලෙෂාන් ද සිල්වා වෙනුවට පොලිසියට ඉදිරිපත් කොට ඇත්තේ වෙනත් පුද්ගලයෙකි. මේ නිසා GTA ගාළු පාරේ ගැසූ "රත්තරන්" බෑනා ගොඩය. ඕනෑම ලෙඩක් දාගත්තත් ජනාධිපතිවරයා විසින් තමන්ව බේරාගනු ඇත යන විශ්වාසය නිසා ආණ්ඩුවේ බත් බැලයන් සහ ඔවුන්ගේ ගෝලබාලයන් අමු අමුවේ රටේ නීති කඩා අහිංසක පුරවැසියන්ට දුක් දෙති. නමුත් මෙම බත් බැලයන් බේරා ගැනීමට යාමෙන් තමන්ගේ ඇඟේ ද අසුචි තැවරී තමන්ද ජනතා අප්‍රසාදයට ලක් වන බවට තේරුම් කර දීමට හිතවතෙකු ජනාධිපතිවරයා අහලකවත් නැත.
Post a Comment