| අනුර දිසානායක
අද විශ්වවිද්‍යාල ආචාර්යවරු වැටුපු ප්‍රශ්නය නිසාත්, අනධ්‍යන කාර්ය මණ්ඩලය වැටුප් ඇතුළු වෙනත් අයිතිවාසිකම් නිසාත්, විදුහල්පතිවරු, ගුරුවරු විවිධ හේතු නිසාත් විශAවවිද්‍යාල ශිෂ්‍යයන් නිදහස් අධ්‍යාපනය කප්පාදුව නිසාත් පාසල් ශිෂ්‍යන් සහ දෙමාපියන් පාසල් අධ්‍යාපනයට දේශපාලන අතපෙවීම්වලින් ඇතිවූ අර්බුද නිසාත් පාරට බැස උද්ඝෝෂණය කරන තත්වයක් ඇතිවෙලා. නමුත් පාරට බැස්සවිය යුතු එස්බී දිසානායක සහ බන්දුල ගුණවර්ධන යන ඇමතිවරු දෙදෙනා අමාත්‍යාංශ ශීත කාමරවල රැදී ඉන්න බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික අනුර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපනයේ පෙනෙන, නොපෙනෙන අර්බුදය යන සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි. මෙම සම්මන්ත්‍රණය 09 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැති අතර සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා මුලසුන දැරීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා, අද අපේ රටේ අධ්‍යාපනය අංශ ගණනාවකින් ආන්දෝලනයකට ලක්වෙලා. විභාග ප්‍රතිඵල පිළිබඳ විශ්වාසය බිදවැටීම, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් අර්බුදය, උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක සිසුන් දහස් ගණනකගේ ශිෂ්‍යභාවය අහෝසි කර සිරගත කරන බවට තර්ජනය කිරීම, අධ්‍යාපනයේ ගූණාත්මක බිඳ වැටීම පාසල් අධ්‍යාපනයේ පවතින සම්පත් ඛෙදීයෑමේ විෂමතාවය වැනි අංශ ගණනාවකින් මේ බව නිරූපනය වෙනවා. මේ නිසා අධ්‍යාපන ෙකෂ්ත්‍රයේ සියලූ දෙනා පාරට බැසඋද්ඝෝෂණය කරන වකවානුවක්. අද විශ්වවිද්‍යාල ආචාර්යවරු වැටුපු ප්‍රශ්නය නිසාත් අනධ්‍යන කාර්යමණ්ඩලය වැටුප් ඇතුලූ වෙනත් අයිතිවාසිකම් නිසාත් විදුහල්පතිවරු, ගුරුවරු විවිධ හේතු නිසාත් විශAවවිද්‍යාල ශිෂ්‍යයන් නිදහස් අධ්‍යාපනය කප්පාදුව නිසාත් පාසල් ශිෂ්‍යන් සහ දෙමාපියන් පාසල් අධ්‍යාපනයට දේශපාලන අතපෙවීම්වලින් ඇතිවූ අර්බුද නිසාත් පාරට බැස උද්ඝෝෂණය කරන තත්වයක් ඇතිවෙලා. නමුත් පාරට බැස්සවිය යුතු එස්.බී. දිසානායක සහ බන්දුල ගුණවර්ධන යන ඇමතිවරු දෙදෙනා අමාත්‍යාංශ ශීත කාමරවල රැදී ඉන්නවා.
මේ සිදුවෙන්නේ කුමක්ද? අපි වෙනදාට වඩා අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කළ යුත්තේ ඇයි. මේ වනවිට අපේ රටේ ඇතිවී තිඛෙන දැවැන්ත අධ්‍යාපන අර්බුද නිසා අපි කාගේත් වැඩි අවධානයක් යොමුවිය යුතුයි. සමහර කොටස් මේ ප්‍රශ්නය සමස්තයක් වශයෙන් හදුනා නොගෙන විවිධ පැතිවලින් තම තමන්ට පෙනෙන කොටස් අල්ලාගෙන අර්ථකථන සපයන බව පැහැදිලියි. පෙනෙනවාට වඩා ගැඹුරු පතුලේ තිඛෙන ඒ නිසාම නොපෙනෙන අර්බුදය තේරුම් ගැනීමට බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ නැහැ. අපි ප්‍රශ්නයේ මුල සිටම හදුනාගත යුතුයි.
1940 සිට නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් නීති ප්‍රතිපාදන සම්පාදනය කළා. ඒ සඳහා පසුබිම සැපයූවේ දේශීය ධනපති පංතිය අතට රාජ්‍ය බලය හුවමාරුවීමයි. කළමණාකරන සහ විවිධ ෙකෂ්ත්‍රවල වෘත්තිකයන් ස්වභාෂාවෙන් වැඩකිරීමේ නිපුණයන් දේශීය ධනපති පංතියේ රාජ්‍ය බලයට අවශ්‍ය වුණා. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනය අවුරුදු 150ක් තුළ පරිපාලන භාෂාව වශයෙන් ඉංගී්‍රසි භාවිතා කළත් දේශීය ධනපති පන්තිය අතට රාජ්‍ය බලය ලැබුණු පසු පරිපාලන භාෂාව ඉංගී්‍රසි පමණක් තිබීම ප්‍රමාණවත් වුණේ නැහැ. ස්වදේශීය භාෂාවෙන් වැඩකළ හැකි නිලධාරීන් අවශ්‍ය වුනේ ඒ නිසයි. 1970 මුල් භාගය වනතුරු මෙරට අධ්‍යාපනයේ අවස්ථා ගුණාත්මක වශයෙන් සහ ප්‍රමාණාත්මකව පුළුල් වුණා. 1950දී දළ ජාතික නිෂ්පාදනයෙන් 2.5%ක් අධ්‍යාපනයට වෙන්කළ අතර 1955දී එය 2.64%ක්, 1960 දී 4.7%ක්, 1965දී 4.4%ක් වෙන්කර තිබුණා. අද එය 2%ට අඩුයි. 1970න් පසු නිදහස් අධ්‍යාපනය ප්‍රමාණාත්මක සහ ගුණාත්මක වශයෙන් කප්පාදු කරන්න පටන් ගත්තා. පවතින ආර්ථීකයට රැකීරකෂා සැපයීම පුළුල් කළ නොහැකි නිසා ලබාදුන් උත්තරය මෙයයි. මේ වැරදි සමාජ ක්‍රමයට එරෙහිව උගත් බුද්ධිතමත් තරුණයන් ආයුධ අතට ගෙන සටන් කළා. 1971 අරගලයේ මුලින්ම සිටියේ මේ උගත් තරුණයන්.
1972දී අධ්‍යාපනයේ ප්‍රමිතිකරණය ගෙන ආවා. ඒ අනුව ජාතිකත්ව පදනමින් විශ්වවිද්‍යාලවලට බඳවාගැනීමට තීරණය කළා. මේ වැරදි අධ්‍යාපන ප්‍රතිපත්තිය තිබියදීම 1975 අයවැය යෝජනා මගින් ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ඇමතිවරයා විවෘත ආර්ථීකය පිළිබඳ යෝජනාවක් ගෙනාවා. 1977 දී බලයට පත්වූ ෙජ්.ආර්. ජයවර්ධන මහතා පාලනය අතට ගන්නේම විවෘත ආර්ථීක මොඩලය හඳුන්වාදීමටයි. විවෘත ආර්ථීකය යනු විදේශීය සමාගම්වල ප්‍රාග්ධනය නිදහසේ රටතුළට ගලා ඒමේ ඉඩ සැලසීමයි. ලාභ ශ්‍රමය සොයා මේ ප්‍රාග්ධනය රටතුළට ආවා. ගාමන්ට් ආර්ථීකයක් බිහිවන්නේ ඒ අනුව. මැෂින්, නූල්, රෙදි කළමනාකරණ සුද්දන් ඇතුලූ සියලූ දෙයම පිටරටවලින් ආවා. ගාමන්ට්වල මහන ඇදුම් අදින්නේත් සුද්දන්. මේ තත්වය යටතේ ඔවුන් ඇඳුම් මසා ගැනීමට අපේ රටට එන්නේ ලාභ ශ්‍රමය නිසායි.
ඒ වගේම ෙජ්.ආර්. හදුන්වාදුන් විවෘත ආර්ථීකයත් සමග රටේ ආර්ථීකයට බලපාන රජයේ කාර්යභාරය නීති සම්පාදනය කිරීම සහ යටිතල පහසුකම් සම්පාදනය කිරීම දක්වා පටු සීමාවකට යටත් කළා. පාරවල් හැදීම, හෝටල් හැදීම, විදුලි බලාගාර ඉදිකිරීම, වරාය හැදීම, වගේ යටිතල පහසුකම් සැපයීමේ කි්‍රයාමාර්ග සම්පාදනය කරන්නා බවට රජය පත් වුණා. ප්‍රවාහනය සෞඛ්‍යය වැනි රාජ්‍ය භාරයේ තිබූ සේවා පෞද්ගලික අංශයට පවරන්නේ මේ තත්වය යටතේයි. මෑතකාලයේ හදුන්වාදුන් සෞඛ්‍යාරකෂණය මේ තත්වයේ තවත් එක් පියවරක්. රජය සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය සේවා සැපයීමෙන් ඉවත්වීමට කළ සැලැස්මක් අනුව සෞඛය රකෂණය හදුන්වා දුන්නා. ඒ වගේම ඛනිජ තෙල් සම්බන්ධයෙන් රජයට තිබූ ඒකාධිකාරය බිඳ දැම්මා. ඛනිජ තෙල් ආනයනය කිරීම ගබඩා කර ගැනීම, ඛෙදාහැරීම යන අවස්ථා සියල්ලම රජයේ ඒකාධිකාරය යටතේ තිබුණා. නමුත් ඉන්දීය අයි.ඕ.සී සමාගමට පෙට්‍රල් ෂෙඩ් 108ක් දීමත් සමග රජයේ ඒකාධිකාරය බිඳ දැමීම ආරම්භ කළා. විදුලිබල මණ්ඩලය කොටස් 08කට කඩා ඛෙදන්න පනතක් සම්මත කර ගත්තා. විදුලිය ජනනය උත්පාදනය හා ඛෙදා හැරීම සම්පූර්ණයෙන්ම තිබූ රජයේ ඒකාධිකාරය ඉවත් කරගෙන 1998 සිට 2001 දක්වා දියත් කළ කි්‍රයාමාර්ගවල අවසානය වශයෙන් විදුලි බල මණ්ඩලය ඛෙදා වෙන්කිරීමේ පනතක් සම්මත කර ගත්තා. රටේ ආර්ථීකයට හා ආර්ථීක සේවා සැපයුමට රජයේ තිබුණු මැදිහත්වීම විවිධ උපක්‍රම හරහා ක්‍රමානුකූලව ඉවත දැමූවේ මේ ආකාරයටයි.
මෙම ආර්ථීක මොඩලය යටතේ රට ඉදිරියට ගෙනයෑමට අධ්‍යාපනය ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන්ද පෞද්ගලික අංශයට විකුණා දැමීමේ උත්සාහය ෙජ්.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට තිබුණා. ඒ උත්සාහය ඉදිරියට තල්ලූ කිරීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක උත්සාහ කළා. ඊට පසු රනිල් වික්‍රමසිංහ මහතා ඊට අදාල සැලසුම් සකස් කළා. වර්තමාන ජනාධිපති මහින්ද රාජපකෂ කි්‍රයාත්මක කරමින් සිටින්නේ රජය ආර්ථීක කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඉවත්වීමට අදාල විවෘත ආර්ථීකයේ අත්‍යාවශ්‍ය කොන්දේසියයි. මේ යටතේ නිදහස් අධ්‍යාපනයට වාර්ෂිකව වෙන්කරන ප්‍රතිපාදන දකුණු ආසියාවේ අන් රටවලට වඩා පහත් මට්ටම දක්වා කපා හැර ඇත. බංගලිදේශයේ රාජ්‍ය වියදමෙන් 13.9%ක් අධ්‍යාපනයට වෙන්කරන අතර නේපාල රජය මුළු වියදමෙන් 19.46%ක් අධ්‍යාපනයට වෙන්කරයි. ලංකාව රාජ්‍ය වියදමෙන් 8.4%ක් වැනි අඩු අගයක නතර වෙලා. ඒ වගේම අධ්‍යාපනය පෞද්ගලික අංශයට පැවරීමේ අනපනත් 1981 සිට ගෙන ඒමට ජවර්ධන පාලනය උත්සාහ කළා. රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමති ලෙස zධවල පත්‍රිකාවZ ගෙන ආවේ ඒ සඳහායි. නමුත් ශිෂ්‍යන් සහ දෙමාපියන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ එය තාවකාලිකව යටපත් කරගත්තා. 1983දී යළි උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය හරහා ආණ්ඩුවේ පිළිවෙත ප්‍රායෝගිකව කරන්න උත්සාහ කළා. නමුත් පද්මසිරි ත්‍රිමාවිතාරණ ඇතුළු ශිෂ්‍යන් තම ජීවිත පරිත්‍යාග කරමින් කළ අරගල නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගන්න සිදුවුණා. ආණ්ඩුව මේ සූදානම් වන්නේ එසේ රැකගත් නිදහස් අධ්‍යාපනය පෞද්ගලික අංශයට විකුණා දැමීමටයි.
මෙයින් හෙළිවන්නේ ඇති හැකි අයට පමණක් වෘත්තීය උසස් අධ්‍යාපනය ලැබීමටත් 42%කට වඩා පහත්ම ආදායම් මට්ටම් ලබන ජනතාවගේ දූදරුවන්ට නිදහස් අධ්‍යාපනය අහිමි කරමින් තම පංතියේ අයට පමණක් උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සලසා දීමටයි. මේ සැලසුම් හදන උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක නිදහස් අධ්‍යාපනය නිසා ඈත හගුරන්කෙත සිට ඇවිත් ඇමතිකම් කරන අයෙක්. ඒ වගේම විශ්වවිද්‍යාල කොමිසමේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා අනුරාධපුරේ ඈත ගමක ඉපදී නිදහස් අද්‍යාපනය තුළින් ඉහළට පැමිණි නිලධාරියෙක්. භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර මහතා නිකවැරටිය ප්‍රදේශයේ ඉපදී නිදහස් අධ්‍යාපනය නිසා ඉහළට පැමිණි අයෙක්. දැන් ජනාධිපතිවරයාට නැතුවම බැරි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත්කළ අයෙක්. මේ ආදි වශයෙන් අද දේශපාලන හා පරිපාලන ෙකෂ්ත්‍රයේ ඉහළම සිටින නිලධාරීන් නිදහස් අධ්‍යාපනය නිසා පැමිණි අය. මේ අය කි්‍රයාත්මක කරන්නේ විවෘත ආර්ථීකය විසින් ඉල්ලා සිටින අධ්‍යාපනයේ විකිණීමේ ක්‍රි්‍රයාවලියක්. ෙජ්.ආර්. ජයවර්ධන මහතා අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍ර්‍රකාශ කළේ zzඉතිහාසය කන්නද කියලාZ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා කියා සිටියේ zzමට ඉංජිනේරුවන්ගෙන් වැඩක් නැහැ. වඩු බාස්ලා සහ මේෂන් බාස්ලා හිටියාම ඇතිZZ කියලයි. අද අධිවේගී මාර්ග හදනවා. දුම්රිය මාර්ග හඳනවා. නොරච්චෝලේ බලාගාර හදනවා. හම්බන්තොට වරාය හඳනවා මේ හැම තැනකම ඉන්න ඉංජිනේරුවන් ව්‍යාපෘති ආධාර දෙන රටවලින් පැමිණි අය. ලංකාවෙන් ඕන කරන්නේ කම්කරු රැකියා කරන පිරිස් විතරයි. ප්‍රේමදාස ජනාධිපතිවරයා කී කතාවේ හරය ඒක. මේ ආර්ථීකය නිර්මාණකරුවන් ඉල්ලා හිටින්නේ නැහැ. මේ ආර්ථීකයට උරාගන්න බුද්ධිමතුන් සහ වෘත්තිකයින් ඉල්ලා සිටින්නේ නැහැ. ඒ නිසා මැෂින් එකක ඇණයක් තදකරන්න අය හිටියහම ඇති. සෞන්දර්්‍යය, කලාව සාහිත්‍ය වැනි විෂයන් කප්පාදු කර යන්ත්‍ර වගේ හැසිරෙන මිනිස්සු පේෂ් බුක් එකේ චැට් කරන මිනිසුන් හදමින් ඉන්නවා. අනෙක් පැත්තෙන් මිනිසා ගුණාත්මකව බිඳ දමා මුදලාලිලා කීපදෙනෙකු පමණක් බිහි කරමින් ඉන්නවා.
මේ වගේ පසුබිමක පාසල් අධ්‍යාපනයත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් සියුම් ලෙස විනාශ කිරීමේ උපක්‍රම වර්තමාන ආණ්ඩුව අනුගමනය කරන බව පැහැදිලිය. පළමුවසරට සිසුන් ඇතුලත් කර ගැනීම අවුල් ජාලයක් කර අවසන්. ජනප්‍රිය පාසල් 36ට පළමු වසරේ ළමයි 96,000ක් ඉල්ලූම් කරන බව ආණ්ඩුව කියනවා. මේ ප්‍රශ්නය ඇති වී තිඛෙන්නේ සම්පත් ඛෙදීයෑමේ දැඩි විෂමතාවය නිසා. ඒ නිසා පිළිතුරු සෙවිය යුත්තේ සම්පත් ඛෙදී යෑමේ විෂමතාවය අඩු කිරීමෙන්. නමුත් ආණ්ඩුව උත්සාහ කරන්නේ පෞද්ගලික අංශයට අධ්‍යාපනය විකුණා දැමීමෙන්, ඇඟ බේරාගන්න. සපිරි පාසල් 1000 ව්‍යාපෘතිය මේ සඳහා ඇටවූ උගුලක්. එක සපිරි පාසලයකට පෝෂිත පාසැල් 05ක් ලබාදෙන බව කියා තිඛෙනවා. ඒ අනුව රට පුරා පාසල් 5000ක් ගැන පමණක් රජය වගකියන අතර පාසල් 4000කට වැඩි ප්‍රමාණයක් වැසීයෑමේ අනතුරක් නිර්මාණය කර තිඛෙනවා. පාසල් අධ්‍යාපනය දිගුකාලීනව බිඳ දැමීමේ මේ කුමන්ත්‍රණය පරාජය කිරීම සමාජයේ සියලූ දෙනාගේ වගකීමක්.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව විවිධ තර්ක ගොඩනගමින් සිටිනවා. පෞද්ගලික විශ්වවිද්‍යාල අද ලෝක යථාර්ථයක් බව ආණ්ඩුව කියනවා. නමුත් ඇත්ත කතාව ඒක නෙමෙයි. පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යන රටවල් ඒවා පවත්වාගෙන යන්නේ ලාභ ලබන ආයතන වශයෙන් නෙවෙයි. පොදු සමාජ අරමුණු වෙනුවෙන් හෝ ආගමික අරමුණු වෙනුවෙන් ලාභ නොලබන රාජ්‍ය විශ්වවිද්‍යාල වශයෙනුයි. එන්ගලන්තයේ තිඛෙන්නේ බකින්හැම් පෞද්ගලික විශ්වවිද්‍යාලය විතරයි. සිංගප්පූරුවේ සිම් යුනිවර්සිටි විතරයි. ඕස්ටේරිලියාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල 02යි. ඇමරිකාවේ ලාභ නොලබන රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල කිහිපයක් තිඛෙනවා. මේ එකක්වත් මුදලාලිලාගේ විශ්වවිද්‍යාල නෙවෙයි. අපේ රටේ සිදුකරන්නේ ඒකෙ අනෙක් පැත්ත. දොස්තර නෙවිල් ප්‍රනාන්දු දේශපාලනයේ පිල් මාරු කර අවසානයේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පටන් ගත්තා. ඒ ලාභ ලබන්න. ඒ වගේම ඉදිරියේදී ඇතිකිරීමට නියමිත පෞද්ගලික විශ්වවිද්‍යාලවලට රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපාධියට සමාන උපාධියක් පිරිනැමීමට නීතිමය ප්‍රතිපාදන සකසන පෞද්ගලික විශ්වවිද්‍යාල පනත සම්මත කර ගන්න ආණ්ඩුව සූදානම් වෙනවා. ලෝකය දෙස බැලීමෙන් පැහැදිලි වන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල මිත්‍යායවක් බවයි. අපේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඉඩකඩ දී දුප්පත් දරුවන්ට ඇති අවස්ථාව ඩෝසර් කරමින් සිටිනවා. මුළු අධ්‍යාපන පද්ධතියේම ගැඹූරු අර්බුද නිර්මාණය කරලා. මේ ඩෝසර් කරන්නේ අපේ දරු පරම්පරාවේ අනාගතයයි. මෙයට තවදුරටත් ඉඩ දෙනවාද යන ප්‍රශ්නය සමාජය ගැඹුරින් සලකා බැලිය යුතුයි. මේ සූදානම් වන්නේ ෙජ්.ආර්. ජයවර්ධන මහතා, රණසිංහ ප්‍රේමදාස මහතා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය, රනිල් වික්‍රමසිංහ මහතා යන කිසිම නායකයෙකුට විනාශ කරන්න බැරි වූ නිදහස් අධ්‍යාපනය දේශප්‍රේමී සළුපිළි පෙරවාගෙන විනාශ කිරීමේ වැඩපිළිවෙල මේ ආණ්ඩුව අනුගමනය කරමින් සිටිනවා. එයට එරෙහිව විශ්වවිද්‍යාල ශිෂ්‍යන් ගෙන යන අරගලයට අපේ ආචාර්ය හිමිවෙනවා. නමුත් අධ්‍යාපනයේ මේ ගැඹුරු අර්බුදය පරාජය කිරීමේ වගකීම අනාගත පරම්පරාවේ අභිවෘද්ධිය අපේකෂා කරන සියලූ දෙනාගේම වගකීමක්. ඒ නිසා අධ්‍යාපනය අර්බුදයට හෙළා පෞද්ගලිකකරණය කිරිමට දරණ සියලූ ප්‍රයත්නයන් පරාජය කිරීම සඳහා අප සියලූ දෙනා පෙළ ගැසිය යුතු බව අරගල කළ යුතුබව අවධාරණය කරනවා.
Post a Comment