චීනයේ ටිබෙට් වැසියන් තිදෙනෙක් තම සිරුරු වලට ගිනි තබා ගනිති.



හර්ෂි සි. පෙරේරා

බෙජින් පාලනයට විරුද්දව තම සිරුරු වලට ගිනි තබා ගත් පුද්ගලයින් තිදෙනාගෙන් එක් අයෙක් මියගොස් ඇති අතර අනෙක් දෙදෙනාගේ තත්වය බයානක බව වාර්තා වේ. මෙම ගිනි තබා ගත් ටිබෙට් ජාතිකයින් තිදෙනා නිරිත දිග චීනයේ ජීවත්වූ අයයි. මෙය චීන පාලනයට විරුද්දව සුවෙච්චාවෙන් තම ශරීර වලට ගිනි තබා ගත් පුද්ගලයින් ගණනාවක් අතරින් වාර්තා වූ අලුත්ම සිද්දියයි. ඔවුන් එසේ කලේ ටිබෙටයට නිදහස ලබා ගැනීමට සහ පිටුවහල් කර සිටින අද්යාත්මික නායක දලෙයි ළමා නැවත ගෙන්වා ගැනීමටත්ය. ඒ අවස්ථාවේදීම එක් අයෙක් මියගිය අතර බරපතල ලෙස තුවාල ලැබූ දෙදෙනා 60 හැවිරිදි ට්සාප්ටි ට්සෙරින්ග් සහ 30 හැවිරිදි ක්යරෙල් බව හදුනා ගෙන ඇත.