පාපන්දු ලෝලීන් 70 දෙනෙකුට මරු කැදවිම පිටුපස ඊජිප්තු පොලිසිය.

 
 
හර්ෂි සි. පෙරේරා

අල්මස්රි පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා කල නිවුන් සොහොයුරන් ප්‍රකාශ කරන ආකාරයට තරගය සමුල ගාතනයකින් අවසන්වීමට ඊජිප්තු හමුදාවේ සහය ලැබුණු පොලිසිය විසින් ප්‍රචණ්ඩත්වයට අනුබල දීම හේතුවී ඇත. නායක කරීම් ළෙක්රි සහ ඔහුගේ සොහොයුරු මොහොමඩ් වෙබ් අඩවියකට කියා සිටියේ මේ ලේ වැගිරීම සැලසුම් කල එකක් බවට පැහැදිලි සාක්ෂි ඇති බවයි. පොර්ට් ක්‍රීඩාංගනයේ ඇතිවූ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පුද්ගලයින් 70 කට වඩා මරණයට පත්වූ අතර අවම වශයෙන් 1000 ක් පමණ තුවාල ලැබිය.