"මට ඔය නඩුකාරයින්ගේ තීන්දු වලින් වැඩක් නැහැ"- අක්මීමන පොලිසියේ ස්ථානාදිපති.



හර්ෂි සි. පෙරේරා

ලාල් ප්‍රියන්ත උරලා ලියනගේ 48 හැවිරිදි විවාහක සිවුදරු පියෙකි. පදිංචිය සිංහ, කිතුලම්පිටිය, උළුවිටිකේ, ගාල්ල වේ. අනුෂා ලියනගේ ඔහුගේ බිරිද වේ. ඔවුන් හා අසල්වැසි සුසිලා රත්නායක අතර දිගින් දිගටම ආරවුල් ඇති අතර අක්මීමන පොලිසියට ඒ සම්බන්දයෙන් පැමිණිලි කිරීමද සිදුවේ.

2012.01.10 දින ලාල් ප්‍රියන්ත සහ ඔහුගේ බිරිද අනුෂා අක්මීමන පොලිසියට ගියේ ඔවුන් විසින් සුසිලා රත්නායකට විරුද්දව කල පැමිණිල්ල විබාගයට කැදවා තිබුන බැවිනි.

පැමිණිල්ල විබාග කල ස්ථානදිපතිවරයා සුසිලා රත්නායකට පක්ෂත්ග්රාහී ලෙස කටයුතු කල බැවින් ලාල් ප්‍රියන්ත ඒ ගැන තම පාර්ශවයෙන් අයිතීන් කියා ඇත. ඔහු තම අයිතීන් අදිකරණ තීන්දු මගින් තහවුරු වී ඇති බව කීවිට ස්ථානාදිපතිගේ පිළිතුර වුයේ මට ඔය නඩු කාරයින්ගේ තීන්දු වලින් වැඩක් නැහැ යන්නයි.

අවසානයේ "මට සාදාරනය වෙන්නේ නැහැ මම ඒ එස් පි ලගට යනවයි" කියා ලාල් නැගී සිටි විට ස්ථානාදිපති සහ සෙසු නිලදාරී ඔහොම හිටපන් කියා ඔහුගේ මුහුණට සහ හිසට ඔවුන්ගේ අත් වලින් පහර දී ඔහුව පොලිස් කුඩුවට දමා ඇත.

අනුෂා ටද පොලිස් නිලදාරීන් පහර දී තිබේ. ඇගේ රත්තරන් මාලය සහ මුද්ද පොලිස් නිලදාරීන් විසින් පැහැරගෙන ඇත. මෙම පහර දීම හේතුවෙන් ඇයට කරාපිටිය රෝහලේ දින දෙකක් නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදුව තිබේ.

ලාල් ප්‍රියන්ත වද කරාපිටිය රෝහලේ අදිකරණ වයිද්යවරයා වෙත යොමු කලද ඔහුව නිසි යාකාරව පරික්ෂා කර නැති අතර පොලිසියට අවශ්‍ය දේ පමණක් ලියාගෙන ඇත.

පසුව මෙහෙස්ත්‍රාත් නිල නිවසට ගෙන ගොස් තිබේ. එහිදී ඔහු තමන්ට පොලිසිය පහර දුන් බවත් ඒ හේතුවෙන් නාසය තුවාල වී ඇති බවත්, කන නැසෙන බවත්, හුස්ම ගැනීමට අපහසු බවත්, ක්ලාන්ත ගතිය පවතින බවත් ප්‍රකාශ කර ඇත.

ඔහුට ඇප ලැබුණු නමුත් ඇප තැබීමට කිසිවෙක් සිටියේ නැත. ඒ නිසා බන්දනාගාර ගතවීමට සිදුවී ඇත. ඔහු තමාට පොලිසිය පහරදුන් බව බන්දනාගාරයේදී කියා බන්දනාගාර රෝහලින් ප්‍රතිකාර ලබා ගෙන ඇත.

2012.01.23 දින නඩුව නැවත කැදවන ලදී. ඇප කොන්දේසි වශයෙන් පොලිස් වාර්තා ඉල්ලා සිටි බැවින් ඔහුට එදින ඇප මත නිදහස් වීමට නොහැකි විය. ලාල් ප්‍රියන්තට ඇප මත නිදහස් වීමට හැකිවුයේ 2012.01.24 දින සවස 05 ද පසුවීමෙන් පසුවයි.