"මල මදවිකාරයෝ පොලිස් බලතල අරගෙන"- විදුහල්පති සුගත් ජයවර්දන.



හර්ෂි සි. පෙරේරා

රණවිර ආරච්චිගේ උසිත විරාජිත් වයස අවුරුදු 10 ක් වන වදුරබ මද්‍ය මහා විදුහලේ 06 වන වසරේ b ඉගෙනුම ලබන සිසුවෙකි.

2012.02.01 වැනි දින උදේ ඔහු පන්ති කාමරය ඉදිරිපිට තවත් ළමයින් කිහිපදෙනෙකු සමග සෙල්ලම් කරමින් සිට තිබේ. ඔහුගේ කකුලේ ගලක් වැදී ඇති අතර ඔහු එම ගල අරගෙන විසිකර තිබෙනවා. එය සිමෙන්තියේ වැදී විසිවී හය වසර d පන්තියේ ළමයෙකුගේ උපැස් යුවලේ වැදී ලේත් පැමිණ ඇත.

ශිෂ්‍ය නායකයෙකු උසිතව විදුහල්පතිවරයා වෙත ගෙන ගොස් ඇත. විදුහල්පතිවරයා ඔහුගේ පිටට වේගයෙන් අතින් පහරවල් කිහිපයක් ගසා මුගේ සතියක් පන්ති තහනම් කරනවා කියා ගුරුවරුන්ට පවසා "උබ තව සතියකින් අම්මා හරි තාත්තා හරි එක්ක වරෙන් මල මදාවිකාරයෝ පොලිස් බලතල අරගෙන" කියා බැන වැදී ඇත.

සතියකට පසු එනම් 2012.02.09 දින පොලිස් නිලදාරියකු වන උසිත් ගේ පියා සහ මව ඔහුව රැගෙන පාසලට ගොස් තිබෙනවා. ඒ අවස්ථාවේත් විදුහල්පතිවරයා "පොලිස් බලතල අරගෙන ගහලා" යයි කියමින් ඔවුන්ට බැන වැදී ඇත.

මේ වන විටත් උසිත් අද්‍යාපනය අහිමිව නිවසට වී සිටි. ඔහුගේ මව අද එනම් 2012.02.13 දින මානව හිමිකම් කොමිසම් සබාවට අද්යාපන අමාත්‍යංශයට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය, සහ ළමා ආරක්ෂක අදිකාරියට ලිකිතව පැමිණිලි කරන ලදී.