හර්ෂි සි. පෙරේරා
මලිදුව ලියනගේ චතුරංග සංජිව 23 හැවිරිදි විවාහක කම්කරුවෙකි. මීගහවත්ත ලියනගොඩ හබරාදුවේ පදිංචිව සිටි. 2012.02.09 දින රාත්රියේ 12 ට පමණ වැලි ලොරියක් බෑම සදහා වාද්දුව මහජන බැංකුව ඉදිරිපිට නිවු හාඩ්වෙයාර් නමැති කඩය වෙත ගොස් ඇත. කඩ හිම්යා පවසා ඇත්තේ වැලි උදේට බාන ලෙසයි. මේ නිසා රියදුරු ලොරියෙන් බැස ගොස් ඇති අතර චතුරංග එහි නිදා ගෙන ඇත.
පසුදා උදේ 6.30 ට වාද්දුව පොලිසියේ රථ වාහන අංශයේ නිලදාරියකු එතනට පැමිණ ඔහුගේ රියදුරු බලපත්රය ඉල්ලා ඇත. ඔහු එය නැති බව කීවිට පොලිස් නිලදාරියා වාහනය පොලිසියට ගෙන යන ලෙස දන්වා තිබේ.
චතුරංග කිසිත් කර කියා ගත නොහැකිව ඔහු සේවය කරන ස්ථානයේ හිමිකරුට දුරකථන ඇමතුමක් ලබා දී ඇත. ඒ අවස්ථාවේ එතනට වාද්දුව පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානදිපතිවරයා පැමිණ උබ කොහේදැයි අසමින් පහර දෙන්නට විය. ඔහු උබට වැඩිය ලොකු මිනිස්සු අපි ටයර් වල දාලා තියෙනවා යනුවෙන් තර්ජනය කරමින් චතුරංගගේ පපුවට සහ මුහුණට පහර දී තිබේ.
පසුව චතුරඟව වාද්දුව පොලිසියට ගෙන ගොස් ඇත. ඔහු පොලිස් ස්ථානයේ පැය දෙකක පමණ කාලයක් වාඩි වී බලා හිද තිබේ. පොලිසිය ඔහුගෙන් ලොරිය පිළිබද ලියවිලි සහ යතුර බාර ගෙන ඇත. පසුව කිසිදු ප්රකාශයක් නොගෙන චතුරඟව මුදා හැර තිබේ.
Post a Comment