ආදරවන්තයින්ගේ දිනයට කැතරින් ගෙන් ලියුමක්

ආදරණීය හිත්ක්ලිප්;

( 16.02.2012 | lankaguardian.com ) අපි එදා වදරිං හයිට්ස් වල ප්‍රේම කරපු කාලය වගේ නෙමෙයි. අද හුගක් දේවල් වෙනස් වෙලා. මම ඔයා වෙනුවෙනුත්, ඔයා මම වෙනුවෙනුත්, දරාගත් ආදරය වෙනස් වෙන ලෝකයකට වැඩක් නැති වෙලා.

මම වෙනස් වෙලා හීත්ක්ලිප්, ඔයාගේ ’කැතීට’ ආයෙමත්, පරණ හිටපු කැතරින් වෙන්න බෑහැ. මට එන හුදකලාව, තනිකම මකා ගන්න, කවුරු හරි පිරිමියෙක් ඕන. නමුත් ඔහු ආදරවන්තයෙක් ද? කියන්න මම දන්නෙ නෑ. මට ඕන ඔහු මා කැමති පරිදි ආදරය කරනව දකින්නයි...

එත්, මම අකමැතිම දේ මගේ පෙම්වතා මට අනුකම්පා කරන එක. මේ විදිහට මට දැන් සෑහෙන දුර ගියා. පෙම්වතුන් එකිනෙකා මගහරිමින් මම තාමත් ගමන් කරනවා. මට පිපාසයි. හිත්ක්ලිප්… තවත් ගොදුරක් ළග එතැයි මම මාන බැලනවා. ආදරවන්තයින් එක්ක මට ඉව වැටෙන්නේ හරිටම පිළිගදක් . මගේ ආත්මය මම විසි කලා බල්ලන්ට කන්නට. ඒ පිළිගඳ තමයි මගෙන් කාටත් එන්නේ
දැන් සමුගන්න වෙලාව හරි…

හිත්ක්ලිප් ඔයාගේ කැතරින් මියගිහින්….