කථාව කෙටියෙන්

| අමිල ගුණරත්න

ආණ්ඩුව ඉන්ධන මිල ඉහල දැමුවේය.
ඒකට විරෝධය පාමින් මිනිසුන් සිරිත් පරිදි ගල් , පොලු අරගෙන ටයර් පුළුස්සමින් මහා මාර්ග වසා උද්ගෝෂණය කළහ.
රැල්ලට යන දුරදිග නොබැලු මිනිහෙක් පොලිසිය හමුදාව ඉදිරියට ගොස් ගල් ගසා විරෝධය පෑවේය
ජිවිත ගැන දෙවරක් නොසිතන පොලිසිය ඔහුට වෙඩි තැබුවේය
ඔළුවේ හිලක් සමග මිනිසා එතනම මළේය
ඔහුගේ මරණය විකුණා ගැනීමට දැන් ආණ්ඩු විරෝධීන් පෙරටම එති
ඒ අතර උද්ගෝෂකයා ගේ මරණය ශේප් කිරීමට ආණ්ඩුව ප්‍රාදේශීය දේශපාලකයන් ඉලව් ගෙදර යවා විවිධ පොරොන්දු පවුලට දෙති
හත් දවසේ දානය තෙක් දේශපාලකයන් මරණ ගෙදර යති , දුක සැප අසති.
නමුත් කටුනායකදී වෙඩි වැඩි මළ රොෂේන් ගේ පවුලට මෙන් මේ මිනිසාගේ පවුලට ලැබෙන කෙං ගෙඩියක් නැත.
තව මාස දෙක තුනක් යන තෙක් මේ මැරුම් කෑ අසරණයා වීරයෙකු , ජනතාව වෙනුවෙන් උණ්ඩයට ජීවිතය දුන් කෙනෙකු ලෙසට ඉහලට ඔසවනු ඇත
ඉන්පසු ආණ්ඩුවටවත්, ආණ්ඩු විරෝධීන්ටවත් ඔහුව රැල්ලට පොළඹවා අනතුරේ දැමු අයටවත් මේ මෝඩ දුප්පතා මතක නැත
ඔහුගේ මරණයේ වේදනාව දැනෙන්නේ ඔහුගේ ළමුන් දෙදෙනාට සහ බිරිඳට පමණි