l කිෂානි වැලිවිටිගොඩ
බටහිර පොප් සංගීතයේ රැජින ලෙසින් හඳුන්වනු ලැබූ ඇමෙරිකාවේ සුප්‍රකට ගායිකාවක් වන විට්නි හස්ටොන් ඊයේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි බෙවර්ලි හිල්ටන් හෝටලයේදී මියගොස් ඇති බවට වාර්තා වේ. ඇය මිය යාමට හේතුව වී ඇත්තේ අධික බීමත් කම බවට විශ්වාස කෙරේ. මිය යන විට විට්නි 48 හැවිරිදි වියේ පසු විය . හොලිවූඩ් වල පවත්වන සුවිශේෂ සම්මාන රාත්‍රියක් වන ග්‍රැමි සම්මාන උළෙලට පෙර පවත්වන ලද ග්‍රැමි සාදයේදී විට්නි තම ප්‍රේක්ෂක ජනතාව සංගීතයෙන් කුල්මත් කර තිබේ.
විට්නි එලිසබෙත් හස්ටොන් 1963 අගෝස්තු නම වන දින ඇමෙරිකාවේ නිව් ජෙර්සි හි උපත ලබා තිබෙන අතර ඇය ගායිකාවක්, නිළියක්, නිෂ්පාදකවරියෙකු මෙන්ම නිරුපිකාවක් ලෙසද කටයුතු කර තිබේ. සම්මාන රාශියක් ලබා ගත කාන්තාවක් ලෙස 2009 දී ඇයගේ නම ගිනස් වාර්තාවක් පිහිටුවා තිබේ. එමි සම්මාන 2 ක්, ග්‍රැමි සම්මාන 6 ක්, බිල්බෝර්ඩ් සංගීත සම්මාන 30 ක් ඇතුළුව තවත් සම්මාන රාශියකින් ඇය පිදුම් ලබා තිබේ.
Post a Comment