හර්ෂි සි. පෙරේරා
ඔහු SCFR /527/11 දරන ශේෂ්ට්රදිකරණයේ විබාග වන තෙලිකඩ පොලිස් OIC සහ සෙස්සන්ට විරුද්දව පවරා ඇති මුලික අයිතිවාසිකම් නඩුවට දිවුරුම් ප්රකාශයක් මගින් සාක්ෂි ලබා දෙන ලදී. ඔහු ගැටමාන ආරච්චිගේ වසන්තය. හෙතෙම 41 හැවිරිදි දෙදරු පියෙකි. තෙලිකඩ, ගිනිමල්ලගහ, ගාල්ලේ පදිංචිකරුවෙකි.
සිද්දිය වන්නේ 2012.02.16 දින පස්වරු 6 ට පමණය. "ජයසේකර මරලා තමයි ආවේ OIC මහත්තය අපිව බේරා ගන්නවා කිවුවා" යනුවෙන් කියමින් පැමිණි දෙදෙනා වසන්තට අමානුෂික ලෙස පහර දෙන්නට විය. ඔවුන් ඔහුගේ ගෙදර බඩු මුට්ටුද පොඩි කරන්නට විය. ශබ්දය ඇසි අවට සෙනග පිරෙන්නට විය.
පසුව රැස්ව සිටි පිරිස වසන්තව ත්රිරෝද රථයකින් තෙලිකඩ පොලිසියට ගෙන ගොස් ඇත. එහි ඇන්ට්රිය ලියන විට ඔහුට පහරදුන් ලලිත් නොහොත් ලපයා සහ දිනේෂ් නොහොත් පුට්ටුවා පොලිසියටද පැමිණ ඇත. ඔවුන් දෙදෙනා කෙලින්ම ගොස් ඇත්තේ OIC ගේ කාමරයටය. ඔහු එහි නොසිටි බැවින් වසන්ත ලගට පැමිණි විට ඔහුගේ බිරිද පොලිසිය අතුලේදීම මරන්න හදනවයි කැගසා ඇත.
වසන්ත පොලිස් ටිකට් එකගෙන වාහනයකින් කරාපිටිය රෝහලට පැමිණ 10 වන වාට්ටුවට ඇතුළු වී ඇත. තෙලිකඩ පොලිස් නිලදාරියකු රෝහලට පැමිණ ප්රකාශයක් ගැනීමට හැදුවිට ඔහු එය ප්රතික්ෂේප කර ඇත්තේ තමනට තෙලිකඩ පොලිසිය ගැන විශ්වාසයක් නැතිබව කියමිනි. ඔහුව අදිකරණ වයිද්ය නිලදාරී පරික්ෂා කිරීමෙන් අනතුරුව ප්රකාශයක් ගෙන ඇත. පසුදින ටිකට් කපා ඇත.
තෙලිකඩ පොලිසියට විරුද්දව මේ මුලික අයිතිවාසිකම් නඩුව පවරා ඇත්තේ එවකට වයස අවුරුදු 17 ක් වූ සජිත් සුරඟව ප්රසිද්දියේ ග්රීස් යකකු ලෙස හදුන්වා දෙමින් අමානුෂික ලෙස වදහිංසා පමුණුවා වියාජ චෝදනා නගා රක්ෂිත බන්දනාගාර ගත කිරීම ගැනයි. ලලිත් නොහොත් ලපයා සහ දිනේෂ් නොහොත් පුට්ටුවා මෙම නඩුවේ තවත් සාක්ෂිකරුවකු වූ අජිත් ජයසේකරට පහරදීමෙන් අනතුරුව පැමිණ මේ ලෙස වසන්තට එරෙහිව ප්රහාරය දියත් කර ඇත. මේ සියල්ල සිදුවන්නේ තෙලිකඩ පොලිස් OIC නාලකගේ අනුදැනුම සහ ආශීර්වාදය මතයි.
Post a Comment