l කිෂානි වැලිවිටිගොඩ
ආජන්ටිනාවේ මගී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 40 දෙනෙකු මරණයට පත් වී 550 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි. අධික වේගයෙන් පැමිණ තිබෙන දුම්රිය පීලි පැනීමෙන් පසු දුම්රිය ස්ථානයේ වේදිකාව අසල ඇති බාධකයේ ගැටී තිබේ.
ආජන්ටිනා ප්‍රවාහන අමාත්‍යංශයේ ලේඛම් ජුආන් පැබ්ලෝ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙම දුම්රිය අනතුර සිදු වී ඇත්තේ අද (22) එරට වේලාවෙන් පෙරවරු 8.30 පසු වී කෙටි කාලයක් ඇතුලතදී බවයි. එම දුම්රිය පැයට කිලෝමීටර 26 ක වේගයෙන් දුම්රිය ස්ථානය වෙත ලඟා වී තිබේ. දුම්රියේ තිරිංග පද්ධතිය ක්‍රියා විරහිත වීම හේතුවෙන් මෙම අනතුර සිදු වන්නට ඇති බවට විශ්වාස කෙරේ. තවමත් අනතුරට ලක් වී ඇති දුම්රිය තුල මගීන් සිර වී සිටින අතර ඇතැමුන්ගේ ජීවිත බේරී තිබෙන්නටත් හැකියාව ඇති අතර මිය ගිය පුද්ගලයන් තවත් සිටිනවාද යන්න පිළිබඳව ඔහුට තවමත් නිශ්චිත පිළිතුරු දීමට නොහැකි බව තව දුරටත් අදහස් ප්‍රකාශ කර සිටියේය.
Post a Comment