පාකිස්තානය : ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 15 ක් මරුට


l කිෂානි වැලිවිටිගොඩ 

පාකිස්තානයේ ලාහෝර් නුවර පිහිටි ගොඩනැගිල්ලක් ඊයේ (06) කඩා වැටීම හේතුවෙන් කාන්තාවන් 15 දෙනෙකු සහ ළමුන් මියගොස් ඇති අතර 12 දෙනෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් සුන් බුන් අතර සිරවී ඇති බවට විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි. 


මහල් තුනකින් සමන්විත වන පශු වෛද්‍ය බෙහෙත් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් වන මෙම ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව ගෑස් කාන්දු වීමක් හේතුවෙන් ඇති වූ පිපිරීමක් බවට පොලිසිය විශ්වාස කෙරේ. තවත් නිලධාරියෙක් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ගැහැණු ළමුන් 17 ක් සහ පිරිමි ළමුන් 45 ක් තවමත් සුන්බුන් අතර සිර වී සිටින බව සහ ඔවුන් බේරා ගැනීමට ගොඩනැගිල්ල කඩා වැටුණු ස්ථානයේ ස්ථාන 3 කින් ජීවිතාරක්ෂක මෙහෙයුම් ආරම්භ කර තිබෙන බවය. මේ වන විට ජීවිතාරක්ෂක නිලධාරින් විසින් සුන් බුන් අතර තිබී මළසිරුරු 15 ක් ඉවතට ගෙන තිබේ. එම නිලධාරින් විසින් දස හැවිරිදි වියේ පසුවන කුඩා දරුවකු බේරාගෙන ඇති අතර එම අවස්ථාව දුටු මිනිසුන් විසින් දෙවියන්ට ස්තුතිය පළ කරමින් හඬ නැගු බවට ද වාර්තා වේ.

පොලිස් වාර්තා වලට අනුව වර්ෂ 25 ක් වන ඔරියන්ට් විද්‍යාගාර ආයතනය නමින් හඳුන්වන මෙම කර්මාන්ත ශාලාව ලියාපදිංචි කර නොමැති අතර මේ සම්බන්ධයෙන් එම කර්මාන්තශාලාවේ හිමිකරුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුද නිකුත් කොට තිබේ.