බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකාව "මිනීමරු දේශයේ" සිටි සිය තානාපතිවරු කැදවයි.



හර්ෂි සි. පෙරේරා

සිරියාවේ හෝම්ස් හි පුද්ගලයින් 50 ක් මිය යාමෙන් පසුව රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය උත්සන්න වී ඇත. සදුදා බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකාව තමන්ගේ තානාපතිවරු ඩමස්කස් වෙත කැදවනු ලැබිය. ඒ මෙම ගාතන වලට විරෝදය පල කිරීමක් ලෙසයි. බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් මෙය හැදින්වුයේ මිනීමරු රෙජිමය සිය සිවිල් ජනගහනයට සලකු ප්‍රචණ්ඩ ආකාරයක් ලෙසයි. ඔහු වැඩි දුරටත් කිවේ රුසියාව සහ චීනය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී සිරියාවට එරෙහි යෝජනාවට විරුද්දව නිශේද බලය පාවිච්චි කිරීමේ හේතුවෙන් තව තවත් මානව හිමිකම් උල්ලන්ගනයන් සදහා දොරටු විවුර්ත කල බවයි.