සංචාරක හෝටල් හිමියෙක් ඕලන්ද තරුණියකට හදි කරලා

මාතර පොල්හේන මඩිහ ප‍්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි ඕලන්ද ජාතික තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම හෝටලයේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට මාතර මූලස්ථාන පොලිසිය පරීක්‍ෂණක් ආරම්භ කර තිබේ.

එම හෝටල් හිමිකරු විසින් තමන්ට ලිංගික අතවර කළ බවට අදාළ ඕලන්ද ජාතික තරුණිය විසින් මාතර මූලිසථාන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම පරීක්‍ෂණය ආරම්භ කර ඇත.

මෙම තරුණියට අතවර කළ බව කියන හෝටල් හිමිකරු වයස අවුරුදු 35 ක පමණ අයෙක් බවද පැසේ.

පසුගියදා තංගල්ල මැඩිල්ල ප‍්‍රදේශයේදී ඊස්රායල් සම්භවයක් ඇති බි‍්‍රතාන්‍ය ජාතිකයකු ඝාතනය කර ඔහුගේ විසිතුන් හැවිරිදි රුසියානු ජාතික පෙම්වතියට ප‍්‍රාදේශීය දේශපාලඥයකු ඇතුළු පිරිසක් අතවර කර තිබිණි.