71 ජවිපෙ භාණ්ඩාගාරික මිය යයි

1969 සමයේ සිට 1971 අප්‍රේල් අරගලය දක්වා ජවිපෙ නිල නොවන භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ අම්බලන්ගොඩ අමරේ නමින් ව්‍යාපාරයේ දැන සිටි බේරුවලගේ අමරදාස මහතා 2010 ජනවාර් 07 දින අසනීප තත්ත්වයකින් පසු මිය ගියේ ය.

71 ජවිපෙ ක්‍රියාධරයින් විසින් විවිධාකාර ක්‍රියාකාරිත්වයන් මගින් රුස්කරන ලද මුදල් අමරේ භාරයට පත් කරන ලද අතර පරිත්‍යාග සහ වෙනත් ක්‍රම මගින් ලබා ගන්නා ලද රන් බඩු මුදල් බවට පත් කරන ලද්දේ ද ස්වර්ණාභරන ශාලාවක් බාරව සිටි අමරේ විසිනි.

1971 කැරැල්ලෙන් පසු බෝගම්බර බන්ධනාගාරයෙහි තෙවසරක් අමරේ සිරගත කරනු ලැබ සිටියේ ය. ජවිපෙට බැදීමට පෙර ලංකා කොමියුනිස්ට් පක්ෂයේ අම්බලන්ගොඩ ශාඛාවේ ක්‍රියාකාරිකයකු වූ අමරේ මිය යන විට සැත්තෑ හය වන වියේ පසු විය.