අදිවේගය බැලීමට ගොස් සිදුවූ වින්නැහියක්.


හර්ෂි සි. පෙරේරා

ගමේ අය නාලක ලෙස හදුන්වන ඔහුගේ සම්පුර්ණ නම කේ කේ නලින්. 2011.11.20 දින නලින් සිය මවක් වීමට සිටින බිරිද සහ තවත් හිතවතෙකුත් ඔහුගේ දරුවාත් සමග අදිවේගී මාර්ගය බැලීමට ගොස් ඇත.

ඔහු සිය අංක w p 484959 දරන ටිපර් රථය තුඩුගලට යන මාර්ගයේ නවතා අසල කඩයට ගොස් පැමිණීමේදී දොඩන්ගොඩ පොලිසියේ නිලදාරීන් ඔහුට පහර දී තිබේ.

නලින් ඉන්පසුව වාහනය බෝබුවල පැත්තට රැගෙන යමින් සිටියදී නැවතත් පොලිස් නිලදාරීන් ත්රිවිලරයකින් පැමිණ වාහනය නවතා ඔහුට පහර දී ඇත. නලින්ගේ අත් සහ කකුල් වලින් ලේ ඇවිත් තිබේ. ඔහු මට ගහන්න එපැයි කැගසා ඇත. මේ අවස්ථාවේ නලින්ට පහර නොදෙන්නයි ඉල්ලා සිටි ඔහුගේ සති හයක ගැබිනියක් වූ බිරිදටද පොලිසිය පහර දී තිබේ.

ඔහුව රෝහලේ නතර කල අවස්ථාවේ වයිද්යවරුද පොලිසියට පක්ෂපාති වන අයුරින් කටයුතු කර ඇත. පසුව නලින් ව වියාජ චෝදනා ගොනුකර දින 14 ක් රක්ෂිත බන්දනාගාර ගත කර තිබේ.

ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා නලින්ට පොලිසිය විසින් පහරදී ඇති බවත්, ඔහුව අදිකරණ වයිද්යවරයකු වෙත ඉදිරිපත් කරන ලෙසත්, පොලිසිය පවරා ඇත්තේ බොරු නඩුවක් බවත් අදිකරණයේදී ප්‍රකාශ කර ඇත.