කරන්දෙනියට පොලිසිය හා නිතිය.


හර්ෂි සි. පෙරේරා

33 හැවිරිදි අවිවාහක එච්. එච්. කරුණාරත්න මහතා ගාල්ල කරන්දෙණියේ පදිංචිකරුවෙකි. ඔහු සහ ඔහුගේ ආදරණිය මෑණියන් කරන්දෙණියේ සිය නිවසේ පොලිසිය සහ නිතිය මැයෙන් රැස්වීමක් පවත්වා ගමේ මානව හිමිකම් පත්‍රිකා සහ පොත් බෙදා හැරිමක නිරත විය. ඒ 2012.01.20 වැනිදාය.

මෙහි විශේෂත්වය කරුණාරත්න මහතා 2010.07.26 දින කරන්දෙණිය පොලිසියේ කෘර අමානුෂික වදහින්සාවට පාත්‍ර වීමයි. නමුත් මාතර මානව හිමිකම් කොමිසම ඔහුගේ මුලික අයිතිවාසිකම් කඩවී නැති බවට සදහන් කරමින් පරීක්ෂණ කටයුතු නතර කරන ලදී. නමුත් අබියාචනා කිරීමෙන් පසුව කොමිසම නැවත කටයුතු කරන බවට 2012.01.05 දාතමින් යුතු ලිපිය මගින් දන්වා තිබේ.

කරුණාරත්න මහතාගේ නිවසේ කැදවා තිබු රැස්වීමට ප්‍රදේශවාසීන් 25 දෙනෙකු පමණ සහබාගි විය. චයරුප එකතුවට යොමු වන්න.