පාසල් වලට මුදල් එකතු කිරීම සහ ගැරීම.

හර්ෂි සි. පෙරේරා

පාසල් වලට සිසුන් ගෙන් සහ දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම නීතියෙන් තහනම්ය. නමුත් සිදුවන්නේ රටට දැයට ගුණ ගරුක පුද්ගලයකු බිහිකිරීමේ අරමුණින් යුත් පාසලින් මෙම නිතිය උල්ලංගනය කිරීමයි. පළමු ශ්‍රේණියට ළමයකු ඇතුලත් කරන්නේ මුදල් ලබා ගෙනයි. එනම් මහගු අද්‍යාපනයට මුල පුරන්නේද අල්ලස් දීමෙන් සහ ගැනීමෙනි. අල්ලස් දීම මෙන්ම ගැනීමද නීතියෙන් දඩුවම් හිමිවෙන ආපරාදයකි. එහෙත් මේ දේට ප්‍රයෝගිකව විරුද්දවිමට දෙමාපියන් ඉදිරියට පැමිණීමට මැලි වෙති. මුක්නිසාද තම දරුවන්ට පාසැල තුල හිරිහැරයන්ට මුහුණ දීමට සහ කොන්විමකට බාජනය වෙතියි යන බිය නිසාය. නමුත් නීතියට අනුව කිසිදු හේතුවක් මත පාසල් සිසුන්ට හිරිහැර කිරීම තහනම්ය. පාසලින් ආරම්බ වී මුළු ජිවිත කාලයේදීම මුණගැසෙන රාජ්‍ය ආයතන වලින් සිදුවන අල්ලසට තිත තැබීමට මෙම විෂම චක්‍රය බිදීමට දැනටත් ප්‍රමාද වැඩිය.