මිනිසුන් බය කරන්න බොරු නඩු දාන පුංචි රටේ අපුරු "හොරණ" පොලිසිය.


හර්ෂි සි. පෙරේරා

රොෂාන් ප්‍රදීප් වීරසිංහ 26 හැවිරිදි අවිවාහක පෙදරෙරුවකි. පදිංචිය අංක 29, වවුලුගල ජනපදය, මුණගම, හොරණය.

2012.01.01 දින ඔහු වවුලුගල වත්ත පන්සලේ හාමුදුරුවන් සමග ආරවුලක් ඇති කරගෙන ඇත. මෙනිසා දිගින් දිගට හොරණ පොලිසිය ඔහු සොයා පැමිණියහ. පසුව පොලිසිය ඔහුගේ මවව ඔහු වෙනුවට අත්අඩංගුවට ගෙන ඇත.

අවසානයේ ඔහුගේ පියා නීතිඥ තුෂාර ගුණරත්න මාර්ගයෙන් රෝශාන්ව පොලිසියට බාර දී තිබේ. ඒ හොරණ පොලිසියේ නිලදාරී සතරසිංහ ගෙන් ඔහුට පහර නොදෙන ලෙස කිහිපවරක් ඉල්ලා සිටීමෙන් පසුවය.

2012.01.07 දින රෝශේන්ගේ දෙමාපියන් ඔහුව බැලීමට පොලිසියට ගොස් ඇත. ඒ අවස්ථාවේ රොෂේන් ප්‍රකාශ කර ඇත්තේ තමාගෙන් කවර පහකට පොලිසිය අත්සන් ගත් බවත් පොලිසිය තමන්ට කුඩු නඩුවක් දැමීමට සුදානම් වන බවත්ය.

2012.01.08 දින සතරසිංහ නමැති නිලදාරියා රෝශේන්ගේ දෙමාපියන්ට කියා ඇත්තේ රෝශේන්ව බය කිරීමට මාස තුනකට විතර සිරකර තබන්න පොඩි නඩුවක් දමන බවයි.

පසුව රෝශේන්ව මහේස්ත්රත්ගේ ගෙදරට ගෙන ගොස් තිබේ. ඔහුගේ දෙමාපියන්ට මේ බව ආරංචි වී නීතිඥ මහතාවත් කැටුව එහි ගොස් ඇත. එළියේ සිටි දෙමාපියන්ට "තාත්තා බාර දුන්න ළමයා ලග කොහොමද ගංජා තිබෙන්නේ?" කියා නීතිඥ මහතා විමසනු ඇසි තිබේ.

එලියට පැමිණි නීතිඥ තුෂාර ගුණරත්න රෝශේන්ගේ දෙමාපියන්ට කියා ඇත්තේ නඩු දෙකක් දැම්මා. එකක් ගංජා නඩුවක් අනෙක හාමුදුරුවන්ට ගැහුවා කියලා බවයි. නැවත නඩුව 2012.01.16 දින අසන බව කියා ඇත.

රෝශේන්ගේ පියා වන විජිත කුමාර වීරසිංහ හොරණ පොලිසියේ මේ නීතිවිරෝදී අත්අඩංගුවට ගැනීම, රදවා ගැනීම, වියාජ නඩු පැවරීම 2012.12.09 දින මානව හිමිකම් කොමිසම් සබාවට, පොලිස්පතිට, නීතිපතිට, අද්‍යක්ෂ නීති කොට්ටාශය, පොලිස් අදිකාරී පානදුර වෙත ලිකිතව පැමිණිලි කළේය.