සැනසුම් සුසුම් හෙලන්නේ ලසන්ත ගාතකයින් පමණක් නොවේ.

හර්ෂි සි. පෙරේරා

මාද්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගාතනය කර ඊයේට වසර තුනකි. ඒ ගාම්බිර යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමය කරපු මගුලක් නැත.

දණ්ඩ මුක්තිය නිසා බැබලෙන්නේ ලසන්ත ගාතකයින් පමණක් නොවේ. එයින් වඩාත්ම බැට කන්නේ ලසන්ත වැනි ඉහල පෙලේ වුර්තිකයින් නොව ගමේ ගොඩේ පොඩි මිනිසුන්ය. ඔවුන් වෙනුවෙන් හඩක් නගන්නට කිසිවෙක් නැත. ලසන්ත ගාතකයින් ගැන කතා කරන්න ඉහලේ පෙලේ ප්‍රබුන්වත් සිටි. නමුත් ලසන්ත ගාතකයින් බුක්ති විදින නොමිනි නිදහස නැතිනම් අප හදුන්වන දණ්ඩ මුක්තිය ගැන කතිකාවක් ශ්‍රී ලාංකීය සමාජයේ බිම් මට්ටමින් ඇති වන්නේ නැත. එවන් තත්වයක් තුල රාජපක්ෂ රෙජිමයට ගම් මට්ටමේ ජනයා වෙත ලසන්ත සිටියානම් යුද්දය දිනන්න වෙන්නෙත් නැහැ යන අවිද්‍යාව පැතිරවීම වඩා පහසුවෙන් කල හැකිය.

පහත දැක්වෙන්නේ මේ දැන් අපේ යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමය තුල සිදුවන තවත් නීච ක්‍රියාවකි.

"පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හැමිල්ටන් ග්‍රෙගරි කුරේට එරෙහි පවතින, අංක 92368 දරන අපරාධ නඩුව, සමතයක නාමයෙන් ඉල්ලා අස්කරවා ගන්නට දැරූ සියලු උත්සාහයන්, සියලු බලපෑම්, අසාර්ථක වීමෙන් අනතුරුව නීතිපතිගේ සරණ පතන්නට, ඔහු වෙනුවෙන් ඉදිරිපත් වන, නීතිපති දෙපාර්තමේන්තුවේ, කලක් සේවය කරන ලද,නීතිඥ සුමුදු වික්‍රමාරච්චි නැමැති නිතිඥවරයා දරන ලද වෑයම මේ වන විට ඵල දරන්නට පටන්ගෙන තිබේ.

 
පානදුර පොලිස් කොට්ඨාශයේ පොලිස් අධිකාරීවරයෙකු වශයෙන් සේවය කරද්දී හැමිල්ටන් ග්‍රෙගරි කුරේ, නිශෘන්ත මහතාට පහර දුන්නේ, ඔහුගේ බිර්‍රද හා ශිරෝමනී දේවිකා පීරිස් නැමැති ගහැණිය ඉදිරිපිටය.

ශිරෝමනී දේවිකා පීරිස් පොලිසියද සහය කරගෙන ව්‍යාජ නඩුවක්, නිශාන්ත මහතාට එරෙහිව ගොනු කළේය. 91879 අංක දරන එම නඩුවෙන් නිශාන්ත මහතා මේ වන විට නිදහස්ව සිටී. එම නඩුවේදි නිශාන්ත මහතා, තමාට, පොලිස් අධිකාරී හැමිල්ටන් ග්‍රෙගරි කුරේ, ඔහුගේ කාර්යාලයේදී පහරදුන් බව අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර සිටියේය.".

ලසන්ත ගාතකයින් ගැන පමණක් නොව හමිල්ටන්ලා ගැනත් කතා කරමු. දණ්ඩ මුක්තිය පිටුදැකීමේ බාර දුර කාර්යය ගම් මට්ටමට ගෙන යන අතරම මේවා ජාත්‍යන්තර ප්‍රජාවට හෙළිදරවු කර ඔවුන්ට ගතකයින්ට විරුද්දව බලපෑම් කරන ලෙස ඉල්ලා සිටිමු.