"ඇමෙරිකාව ප්‍රවේසම් විය යුතුයි" - චීනය අනතුරු අගවයි.



හර්ෂි සි. පෙරේරා

ඇමෙරිකාවේ අලුත් තත්වයක්වූ ආසියා පැසිෆික් කලාපයට දක්වන්නා වූ අවදානය ගැන චීන ආරක්ෂක අමාත්‍යංශයෙන් එල්ල වන්නේ හොද ප්‍රතිචාරයක් නොවේ. බරක් ඔබාමා විසින් සිය ආරක්ෂක සැලැස්ම ගැන කරනු ලබන අලුත් සිතා බැලීම ගැන අමෙරිකා එක්සත් ජනපදය ප්‍රවේසම් විය යුතුබව චීනය කියා සිටි. ආසියාවේ පෙරමුනවල් සහ මුලස්ථාන ඇති කර ගැනීම පිළිබද කතා බහ හා ක්‍රියා ගැන ඇමෙරිකාව ප්‍රවේසම් විය යුතු බව චීනය අවදාරණය කරයි. මෙහිදී චීනයේ අවදානය යොමුවන්නේ ආසියා පැසිෆික් කලාපයේ ඇමෙරිකන් හමුදා සැලසුම් ගැනයි.