අප්‍රිකානු රටවල කැමැත්ත වෙනුවෙන් චීනය පෙනී සිටියි

අප්‍රිකානු මහාද්වීපයේ රටවල ඇති ප්‍රශ්න ඔවුන්ගේ ස්වාධීනත්වය සහ ස්වාධිපත්‍යට ගරු කරමින් විසඳා ගැනීම සඳහා තමන්ගේ උපරිම සහයෝගය ලබා දෙන බව චීනය ප්‍රකාශ කළේය. මේ දිනවල අප්‍රිකානු කලාපයේ සංචාරයක නිරත වන චීන විදේශ ඇමති යං ජෙයිචි වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේ අප්‍රිකානු කලාපයේ සාමය සහ සංවර්ධනය අත් කරගැනීම සඳහා තමන්ගේ උපරිම සහයෝගය ලබා දෙමින් දෙපාර්ශවය අතර තුලනාත්මක සමාජ සහ ආර්ථික සංවර්ධන ඉලක්කයන් වෙනුවෙන් කටයුතු කරන බවයි.

එසේම චීනය සමඟ කටයුතු කිරීමේදී අප්‍රිකානු රටවල්ද ඉතා සුහදව කටයුතු කරමින් සිටින බව ප්‍රකාශ කළේය.

චීන විදේශ ඇමතිවරයා තම නමීබියානු සංචාරය අවසන් කරමින් කොට ඩී අයිවොරි සහ නයිගර් රටවලද සංචාරය කිරීමට නියමිතය.

අප්‍රිකානු මහාද්වීපයේ විශාලතම යෝජකයා චීනය වන අතර එහි අප්‍රිකානු සමාගම් 2000 කට වැඩි සංඛ්‍යාවක් ආයෝජකයින් ලෙස කටයුතු කරති.